අයවැය වෙනුවට අතුරු සම්මත ගිණුමක් හෙට පාර්ලිමේන්තුවට


අද(20) දිනයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමෙන් අනතුරුව හෙට සිකුරාදා 21  අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව එරාන් වික්‍රමරත්න මන්ත්‍රිවරයා පවසයි.

ඔහු පවසන්නේ
අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිමෙන් පසු ලබන වසරේ ජනවාරි මස 01 වනදා සිට රාජ්‍ය ගෙවීම් සියල්ල නොකඩවා කරගෙන යාමේ හැකියාවක් පවතින බවයි.
නව රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා කටයුතු කරනු ඇති බවට වාර්තා පළව තිබෙන අතර ඔහු මින් පෙර 2019 අයවැය ඉදිරිපත්කිරීමකට සූදානම්ව සිටි අයෙකි. හදිසි දේශපාලන වෙනස නිසා ඔහුට අයවැය ඉදිරිපත් කිරීමට නොහැකි විය.
කෙසේ වෙතත් සිකුරාදා (21) අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරන්නේ නම් 2019 වසර සඳහා මූල්‍ය පරිපාලනය සම්බන්ධ අවිනිශ්චිත තත්වය පහව යනු ඇත.
Previous Post Next Post