රනිල්ගේ ඉල්ලීම ඉවතට මහින්දගේ පෙත්සම ඊවා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගවේ

https://www.gossiplankanews.com/2018/12/mahinda-case.html
1.31pm update
අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කිරීම වළක්වමින් අභියාචනාධිකරනය නිකුත්කළ අතුරු තහනමට එරෙහිව  මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය ත්‍රිපුද්ගල විනිසුරුවන් නොව පංච පුද්ගල විනිසුරු
මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ට ඉදිරිපත් කෙරුණු මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ශේප කර තිබේ.
මින් ඉහත යොදාගත් ආකාරවටම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ තවදුරටත් සලකා බැලෙන අතර තවත් මෝසමක් මගින් ඊවා වනසුන්දර නමැති විනිසුරුවරිය

වෙනස් කරන ලෙස කළ ඉල්ලීමද ඉටු කර නැත.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙය විසඳෙන්නේය.
අද විභාගය ආරම්භ වූ පසු  මේ ගැන ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් කියා සිටියේ, මෙම පෙත්සම අදම විභාගයට ගත යුතු බව ය.
පෙත්සම් අදම විභාගයට නොගන්නේ නම් ඉදිරියට යාමක් නොමැති බව පෙත්සම්කාර පාර්ශවය නියෝජනය කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ද පැවසුවේ ය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා කියා සිටියේ, ඇතැම් වගඋත්තරකරුවන්ට අධිකරණය නිකුත් කළ නොතීසි තවමත් ලැබී නොමැති බව ය.
පෙත්සම් විභාගය සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් අවශ්‍ය බව ජනාධිපති නීතිඥ කේ. කනග ඊස්වරන් මහතා පැවසුවේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටිමිනි.
Previous Post Next Post