විවාහ වුණාට පස්සෙත් රඟපෑමෙන් ඉවත්වෙනවා කියන තීරණය ගත්තේ මම -බුවනි චාපා

gossiplanka image 1
බුවනි චාපා උපන්දිනයට පසුගිය දවස්වල හරි අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා. ඔන්න ඒ ෂූට් එකෙන් පස්සේ ආපහු රඟපාන්න එන්න කියලා හරි හරියට ආරාධනා එනවාලු. ඔන්න ඒ ආරාධනා භාරගෙන බුවනි ආපහු කරළියට එන්නයි හදන්නේ. බුවනි ආපහු වැඩපටන්න කලින් කියන කතාව තමයි මේ.


උපන්දිනයට කරපු ෆොටෝ ෂූට් එකට ලැබුණේ මොනවගේ ප්‍රතිචාරද?


ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ගොඩක් දෙනෙක් කිව්වේ හරි ලස්සනයි කියලා. මාව එහෙම මීට කලින් දැකලත් නැහැනේ.


ඇත්තටම කොච්චර කාලෙකට පස්සේද ෆොටෝ ෂූට් එකක් කළේ?


මම හිතන්නේ ඔයවගේ ෆොටෝ ෂූට් එකක් මම කරලා නැහැ. ඉතිං මේ සැරේ මට හිතුණා වෙනස් විදිහකට ෂූට් එකක් කරන්න. සියයට අනූපහක්ම කිව්වේ ලස්සනයි කියලා. සියයට පහක් වගේ ප්‍රමාණයක් කිව්වේ දැන් අම්මා කෙනෙක් කියලා. ඇත්තටම දැන් මම බබාලා දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. අම්මා කෙනෙක් වුණත් කවුරු වුණත් ලස්සනට ඉන්න එපායැ.


ගොඩක් දෙනෙක් අහනවා බුවනි කෝ. දැන් නැහැනේ කියලා. ඇත්තටම බුවනිට මොකද වුණේ?


මම විවාහ වුණාට පස්සේ අවුරුදු පහක විතර බ්‍රේක් එකක් ගත්තා. බබාල හම්බවුණා. ඊට පස්සේ මම වැඩකළා.


දෙවැනි පාර වැඩ පටන් ගත්තාට එක පාරටම නැවතුණේ ඇයි?


ඔව්. මම එකපාරටම නොපෙනී ගියා. දැන් මම ආපහු සුපුරුදු විදිහට මගේ වැඩ පටන්ගැනීමට සූදානමින් ඉන්නවා.


ඔව්. සූදානම්. දැන් මට ආයෙමත් රඟපාන්න පුළුවන්. බබාල දෙන්නා ඉස්කෝලේ යනවා. ඒ හින්දා ආපහු මට මගේ වැඩවලට මූලිකත්වය ලබාදෙන්න වෙලාවක් හම්බවෙලා තියෙනවා.


විරාමය ලබාගත් කාලය ගැන දුකක් එහෙම තියෙනවාද?


මම කලාවට හරි ගරු කරනවා වගේම හරි ආදරෙයි. අද මේ වෙනකොට මගේ ජීවිතයේ මොනයම් හෝ දෙයක් හම්බවෙලා තියෙනවා නම් ඒ හැමදේම ලැබිලා තියෙන්නේ කලාව හින්දයි. ඉතිං මම හැමදාම කලාවට ආදරෙයි. මම පොඩි විරාමයක් ගත්තාට ඒ ගැන දුකක් නැහැ. මොකද මම මගේ පවුලට අංක එක දුන්නා. ඒක මට මහලොකුදෙයක්. කලාවෙන් පොඩි විරාමයක් ගත්තා කියලා මට දුකක් නැහැ. මගේ පවුල් ජීවිතය පැත්තෙන් මම උපරිමය විඳිනවා. ඒක හින්දා දුකක් නැහැ. හැබැයි කලාවෙන් ලොකු කාලයක් ඈත්වෙලා ඉන්න අමාරුයි. මොකද මම ඒ තරමටම කලාවට ආදරෙයි.


බුවනි ඈත්වෙලා ඉන්න කාලේ ‘බුවනි කෝ කියලා’ හැමෝම හොයන්න පටන්ගත්තා. ජනප්‍රියත්වය අඩුවෙලා නැහැ නේද?


ඔව්නේ. මගේ ජනප්‍රියත්වය ඉහළටම තියෙන කාලේ තමයි ඉවත් වුණේ. ඒ කියන්නේ මම නැගී එන නිළිය සම්මානය අරගත්ත ගමන් තමයි ක්‍ෂේත්‍රයෙන් ඈත්වුණේ. ඒක හින්දා ගොඩක් දෙනෙක් ඇහැව්වා මම කෝ කියලා. ජීවිතේ එක එක කාලයත් එක්ක පොඩි පොඩි වෙනස්කම් සිද්ධවෙනවා. දැන් මම සූදානමින් ඉන්නවා වැඩ පටන්ගන්න.


බබාල සමග ගෙවන ජීවිතය එහෙම කොහොමද?


හරිම සුන්දරයි. මට ඉන්නේ නිවුන් බබාල දෙන්නෙක්. ලේසි නැහැ. මගේ උදව්වට මට ලොකු පිරිසක් ඉන්නවා. දුවයි පුතයි තමයි මගේ ජීවිතයේ වටිනාම වස්තුව.


නිවුන්නු හින්දා ගෙදර ලොකු යුද්ධයක් වගේ ඇතිනේ?


කියලා වැඩක් නැහැ. ලොකුම යුද්ධයක්. තවමත් ඒකේ අඩුවක් නැහැ. හැබැයි මට හොඳ සහයෝගයක් මගේ පවුලෙන් හමුවෙනවා. ඒක හින්දා මට මාව අතහැරුණෙත් නැහැ.


රඟපාන්න යනවා කිව්වහම මහත්තයා මොනවාද කිව්වේ?


ඇත්තටම විවාහ වුණාට පස්සෙත් රඟපෑමෙන් ඉවත්වෙනවා කියන තීරණය ගත්තේ මම. මොකද මට පවුල් ජීවිතයට මූලිකත්වය ලබාදෙන්න ඕනෑ හින්දා. මට විවාහ ජීවිතයේ අත්දැකීම හොඳටම විඳින්න ඕනෑවුණා. මගේ අදහසකට අනුවයි අයින් වුණේ. දැන් ආපහු එනවා කියන තීරණයත් මගේ. එයා මාව හොඳට තේරුම් අරගෙන ඉන්නවා. එයා මට දැන් අයින් වෙන්න දැන් රඟපාන්න කියලා කියන්නේ නැහැ. අපි දෙන්නා කසාද බැඳලා අවුරුදු හතක් වෙනවා. එයා මට උපරිම සහයෝගය ලබාදෙනවා. මට නීති දාන්නෙත් නැහැ.


දිනේෂ් විතානඡායාරූප – නෙක්සස් ක්‍රියේෂන්ස්

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post