ණය නොගෙවූ නිසා ණයකරුගේ දරුවා පැහැරගත් යුවළ


ණය මුදලක් නොගෙවීම නිසා ඒ සඳහා හිලව් වශයෙන් වයස අවුරුදු 14ක් වියැති පිරිමි ළමයකු පැහැරගෙන යාමේ සිද්ධියකට සම්බන්ද අඹු සැමි යුවළක් ඇතුළු තිදෙනෙකු උඩුගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන
ඇත. මෙසේ පැහැර ගැනීමට ලක්ව තිබුණේ උඩුගම ගෝණදෙණිය ප‍්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකි. මෙම පිරිමි දරුවාගේ මව එම ප‍්‍රදේශයේ කණ්ඩායම්

සමිතියකින් ණය මුදලක් ලබාගෙන තිබේ.

 ඇය එම ණය මුදලින් කොටසක් ගෙවා නොමැති අතර මේ නිසා ඇය තම සැමියා සමග කළුතර ප‍්‍රදේශයේ පදිංචියට ගොස් ඇත. පිරිමි දරුවා තම ඥාති නැන්දා කෙනෙකුගේ නිවසේ පදිංචිව සිට ඇත. මින් උරණවූ කණ්ඩායම් සමිතියේ කාන්තාවක් තම සැමියා හා තවත් තිදෙනෙකු සමග එක්ව මෙම පිරිමි දරුවා පැහැරගෙන ගොස් ඇත.

 ණය මුදලට හිලව් කිරිම සඳහා මෙකි පිරිමි දරුවා පැහැරගෙන ගොස් ඇති බැව් පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

 -ලලිත් චාමින්ද සහ එස් කේ කළුආරච්චි-

Previous Post Next Post