රජයේ මාධ්‍ය මංගලට - පොලීසිය ජනපතිට - විෂට පථ ගැසට්ටුව පිටවේ

https://www.gossiplankanews.com/2018/12/maithripala-subject-gazzette.html
නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් අමාත්‍යවරුන්ට පැවරී ඇති විෂයන් හා කාර්යයන් නිවේදනය කර තිබේ. අමාත්‍යවරුන් බාරයේ පැවතිය යුතු දෙපාර්තමේන්තු, සංස්ථා
සහ ව්‍යවස්ථාපිත ආයතන ද

අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කරන ආරක්ෂක අමාත්‍යංශය යටතට ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව ද, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ද පත් කර තිබේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා යටතට ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනිය ,රූපවාහිනී සංස්ථාව, ලේක්හවුස් ආයතනය පවරා ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතට ජාතික තරුණ සේවා සභාව, පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ආදිය පත් කර තිබේ.

කැබිනට් හා කැබිනට් නොවන අමාත්‍යංශවල විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය මෙම යොමුවෙන් නරඹන්න

https://drive.google.com/file/d/13zFkrllyM2Q8P0WT43BogivWqlj2I6zM/view?usp=sharing

Previous Post Next Post