කන්දේ විහාරය වැඳ සීයා බලන්න ගිය සිසුවා යතුරුපැදි අනතුරින් මරුට

Wednesday, December 26, 2018 0 Comments

තම පවුලේ ඥාතීන් සමඟ කන්දේ විහාරය වන්දනා කර බෙන්තර මුහුදේ දිය නා තම මුත්තණුවගේ සුව දුක් බැලීමට පැමිණෙමින් සිටි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 16 හැවිරිදි සිසුවකු යතුරුපැදි
අනතුරකින් පසුගිය 22දා මියගොස් ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි. මෙම අනතුරින් මියගොස් ඇත්තේ ඉංගිරිය, රත්නපුර පාරේ අංක 128/6 හි පදිංචි මවින්ධජ මෙත්ප්‍රිය ජයසිංහ නමැති 16 හැවිරිදි ඉංගිරිය මහ විදුහලේ සිසුවෙකි.

ඔහු මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට

ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටි අයෙකි.  පසුගිය පොහොය දින මියගිය සිසුවාගේ මවුපියන් ඇතුළු ඥාතීන් සමඟ ත්‍රිරෝද රථ තුනකින් සහ යතුරුපැදියකින් අලුත්ගම කන්දේ විහාරය වන්දනා කිරීමට පැමිණ ඇති අතර මියගිය සිසුවා පැමිණ ඇත්තේ ඥාති සොහොයුරකු සමඟ යතුරුපැදියෙනි. කන්දේවිහාරය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මෙම පිරිස බෙන්තොට මුහුදු වෙරළට ගොස් මුහුදේ නෑමෙන් පසුව එම සිසුවාගේ සීයා බැලීමට ඔහු වෙසෙන වැලිපැන්න පන්නිල, හිදම්පල ප්‍රදේශයට පැමිණ ඇත.

සොහොයුරාගෙන් මියගිය සිසුවා යතුරුපැදිය ලබාගෙන පදවාගෙන යමින් සිටියදී පන්නිල හන්දිය පසුකරමින් යන විටදී යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකිව යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන වැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.  අනතුරුව යතුරුපැදිය පිටුපසින් පැමිණි මවුපියන් ත්‍රිරෝද රථයකින් අනතුරට පත් තරුණයන් දෙදෙනා ඉත්තෑපාන රෝහලට ගෙන ගොස් ඇති අතර ඒ වන විටත් සිසුවා මියගොස් සිටි බව වෛද්‍යවරු පවසා තිබේ. යතුරුපැදියේ පිටුපස පැමිණි අය සුළු තුවාල ලබා ඇත.

මෙම මරණය පිළිබඳව හදිසි මරණ පරික්ෂණය වැලිපැන්න හදිසි මරණ පක්ෂක නිහාල් ජයනෙත්ති මහතා විසින් සිදුකිරීමෙන් අනතුරුව දේහය පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකිරිමට නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කර ඇත. දේහය පිළිබඳව අධිකරණ වෛද්‍ය පරික්ෂණය සිදුකළ නාගොඩ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී එන්.එල්.එල්. ජයසිංහ මහතා විසින් මෙම මරණය රිය අනතුරකින් හිසට සිදුවූ හානිය නිසා සිදුවූ මරණයක් බවට තීරණය වී ඇත.

-ප්‍රභාන් බුලත්සිංහල-


Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

Gossip Lanka Previous News