මත්තල නවතා තිබූ ගුවන් යානයක ගින්නක්


 අද (26) උදෑසන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ නවතා තිබූ ගුවන් යානයක සුළු ගින්නක් හටගත්
බව වාර්තා විය.
තායිලන්තයේ
සිට මත්තලට පැමිණි CVK 7042 දරණ කාගෝ ගුවන් යානය නැවත  ඕමාන් බලා පියාසර කිරීමට සූදානම්වී සිටි අවස්ථාවේ මෙම ගිනිගැනීම වාර්තාවී තිබේ. ගුවන් තොටුපොල ගිනි නිවන භටයින් ගින්න නිවා දැමු අතර එම අවස්ථාවේ රැදී සිටි කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකුගෙන් කිසිවෙකුට හානියක් සිදුව නැත. සිද්ධිය ගැන පරීක්ෂණයක් අරඹා තිබේ.
Previous Post Next Post