Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


 බන්ධනාගාර ගතව සිටින රැඳවියන් පුනරුත්ථාපනය ක්‍රියාවලියේ තවත් එක් පියවරක් ලෙස වැලිකඩ බන්ධනාගාර රැඳවියන් සඳහා කායවර්ධන මධ්‍යස්ථානයක් විවෘත කිරීම පසුගියදා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී. ධනසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් බන්ධනාගාර කොමස සාරිස් (පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.



ලෝක මත්ද්‍රව්‍ය විරෝධී සතියට සමගාමීව මේ මධ්‍යස්ථානය විවෘත කළ අතර මත්ද්‍රව්‍ය හේතුවෙන් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් එයින් මුදාගෙන ඔවුන්ගේ කායවර්ධනය ඇතිකිරීම හා සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් බිහිකිරීම මේ කායවර්ධන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ අරමුණ වෙයි. මේ සඳහා වැය වූ වියදම රුපියල් ලක්ෂ 25ක් පමණ වන අතර ඒ සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබූයේ පවර් වල්ඞ් කායවර්ධන මධ්‍යස්ථානය හා හාවස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය විසිනී.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර  උපුල්දෙනිය. බන්ධනාගාර කොමසාරිස් ශාන්ත ප්‍රනාන්දු. බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක, බන්ධනාගාර කොමසාරිස් මලින් ලියනගේ, වැලිකඩ බන්ධනාගාර අධිකාරී එච්. එෆ් ලාහීර්, වැලිකඩ සහකාර බන්ධනාගාර අධිකාරී සුජීව විජේසේකර කර, සහකාර බන්ධනාගාර අධිකාරී බන්දුල සෙනවිරත්න, වැලිකඩ ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න. ප්‍රධාන පුනරුත්ථාපන නිලධාරී පියසිරි වටගොඩ, පවර්වල්ඩ් ආයතනයෙහි අධිපති තලවි අලයිලීමා සහ හාවස්ට් ආයතනයෙහි සභාපති දේවගැති රොඩ්නි පෙරේරා මහත්වරු මේ අවස ස්ථාවට සහභාගී වූහ.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement