රුක්ෂානා දිසානායක යුග දිවියට පිවිසෙයි

gossiplanka image 1
 පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනී රුක්ෂානා දිසානායක ඊයේ දිනයේදී යුග දිවියට පිවිසියාය. ඇයගේ අත ගත් සහකරු වන්නේ දේශාන් අමරතුංගය.


සිය විවාහ මංගල්‍යයේ ඡායාරූප පෙළක් නිල ෆේස්බුක් ගිණුමේ පළ කරමින් රුක්ෂානා සිය සැමියා වෙනුවෙන් සංවේදී සටහනක් ද තබා තිබුණාය. මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවධානය හා සුබපැතුම් දිනාගෙන ඇති එම සටහන පහත පරිදි වේ.


"ආදරේ කියන්නේ වචනවලින් විතරක් විස්තර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි… මගේ හිත තේරුම් ගන්න, මගේ සතුට වෙනුවෙන් මහන්සි වෙන, මගේ දුකේදී මාව තනි නොකරන, මගේ පුංචි පුංචි හීනවලටත් වටිනාකමක් දෙන කෙනෙක් ළඟ ඉන්න එකයි අපි බලාපොරොත්තු වෙන ආදරේ.. ඒ හැමදේම මට ඔයාගෙන් ලැබෙනවා. මාව දරාගන්නවට, මාව දරාගත්තට ඔයාට පිං.


මගේ ජීවිතේ හැම ලස්සන දවසකම වගේම, අමාරු දවස්වලත් මගේ ළඟින්ම ඉන්න ඔයාට මම හරිම ආදරෙයි. මගේ හිනාවට හේතුවක් වෙලා, මගේ හිතට සැනසීමක් වෙලා, මගේ ජීවිතේට ලස්සනම අර්ථයක් එකතු කරපු ඔයාට මම හැමදාමත් ණයගැතියි.


මට හැමදාමත් ඕන වුණේ ලස්සන ආදරයක්… මගේ හිත තේරුම් ගන්න, මගේ සතුට තමන්ගේ සතුටක් කරගන්න, මාව ආදරයෙන් බලාගන්න කෙනෙක්. අද මම ඒ ආදරය විඳිනවා. ඒ ආදරය මට ලැබුණේ ඔයාගෙන්. මගේ ජීවිතේට ඔයා ආපු දවසේ ඉඳන් මගේ ලෝකේ තවත් ලස්සන වුණා. මම හිතනවා මගේ ජීවිතේ මම කරපු ලස්සනම තේරීම ඔයා කියලා. මේ ලෝකේ කොච්චර ලස්සන දේවල් තිබුණත්, මගේ ජීවිතේ වටිනාම දේ ඔයාගේ ආදරය. හැම ආත්මයකම මට ඔයාවම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.


අද වගේම හෙටත්, හෙට වගේම ජීවිතේ හැමදාමත් අපි මේ විදිහටම ආදරෙන් ඉමු. කාලය කොච්චර ගෙවුණත්, ජීවිතේ කොච්චර වෙනස්කම් ආවත්, අපේ ආදරය නම් කවදාවත් වෙනස් නොවී අද වගේම ලස්සනට තියෙන්න ඕනි.. ඒක තමයි මගේ එකම ප්‍රාර්ථනාව.."


ENGLISH SUMMARY: Popular Sri Lankan television actress Rukshana Dissanayake tied the knot with Deshan Amaratunga yesterday, marking a new chapter in her personal life. Following the wedding ceremony, Rukshana shared a collection of wedding photographs on her official Facebook account along with a heartfelt note dedicated to her husband. In the emotional message, she expressed her gratitude for his constant support through both joyful and difficult moments, describing him as the best choice of her life and thanking him for understanding her and valuing her dreams. She also wished for their love to remain unchanged despite the passage of time and life's changes. The wedding photos and Rukshana Dissanayake's touching tribute to Deshan Amaratunga have drawn widespread attention and warm wishes from fans and well-wishers across social media.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post