සේනකගේ සිතුවම් සඳහා ජාත්‍යන්තර ප්‍රසිද්ධිය



ශ්‍රී ලංකාවෙන් බිහිවූ අතිශය සුන්දර චිත්‍ර නිර්මාණ බිහිකරන්නෙකුවූ සේනක සේනානායක ජනවාරි මස අගදී
ඉන්දියාවේ නවදිල්ලි නුවර පවත්වන චිත්‍ර ප්‍රදර්ශනය සම්බන්ධයෙන්

එරට මාධ්‍ය තුළ ප්‍රචාරණයක් දියත්ව තිබේ.
ඇමරිකාවේ වාසය කරන සේනක ලංකාවේ පරිසරය ආශ්‍රිත වර්ණවත් තෙල් සායම් චිත්‍ර නිසා ප්‍රසිද්ධියක් උසුලයි. ඇමරිකාවේ ධවල මන්දිරයේ මෙන්ම එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේද ඔහුගේ සිතුවම් එල්ලා තබා ඇත.
කීර්තිමත් චිත්‍ර ශිල්පී සේනක යුරෝපයේ චීනයේ ඕස්ට්‍රෙලියාවේ ජපානයේ සිංගප්පූරුවේ කොරියාවේ ඊජිප්තුවේ හා චෙකාස්ලෝවැකියාවේ මින් ඉහත ප්‍රදර්ශන තබා තිබෙන අතර ඔහු සම්බන්ධ විවිධ වාර්තාවැඩසටහන් අන්තර්ජාතික මාධ්‍ය තුළද පළව තිබේ.







Previous Post Next Post