මිලියනයේ රන් භාණ්ඩ වංචාවකට සැකපිට හෂිනි රත්නායක පොලිස් අත්ඩංගුවට


මිලියනයේ රන් භාණ්ඩ වංචාවකට සැකපිට
හෂිනි රත්නායක පොලිස් අත්ඩංගුවට


පසුගිය කාලයේ ප්‍රවිණ ගායන ශිල්පියෙකු හා විවාහවීම හා සම්බන්ධ කතාබහ නිසා ආන්දෝලනයට ලක්වූ හෂිනි රත්නායක (31)
රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අද(9) උදෑසන තංගල්ල පොලිස් අත්අඩංගුවට පත් විය.
31 හැවිරිදි වියේ පසුවන ඇය ප්‍රවීන ගායකයා හා විවාහ වීමෙන් පසු රැකියාවෙන් සමුගත් නමුත් ඇය 2012.11.14 දින සිට 2016.04.22 දක්වා වූ කාලයේ තංගල්ල ප්‍රදේශයේ  මහජන බැංකුවේ නිලධාරිනියක ලෙස සේවය කරමින් සිටියදී
බැංකුව තුළ සිදුවූ රුපියල් මිලියනයකට ආසන්න

(රුපියල් 9,89,000ක් වටිනා) රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් වගකිව යුතු බවට සැක කළ හැකි බව පසුගියදා සිදු කළ පරීක්ෂණ වලින් තොරතුරු ලැබී තිබේ. ඒ අනුව ඇයට එරෙහිව එම බැංකුවේ වත්මන් කළමනාකරු තංගල්ල පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සිදු කිරීමෙන් පසු  ඇය සම්බන්ධ කරන්නට පොලිසිය උත්සාහ කර තිබුණ නමුත් ඇය එය මගහැර කාලය ගත කර තිබුණි.

ඇයව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලෙස උසාවි නියෝගයක් ලැබුණ පසුව අද(9) ඇය නීතිඥයකු මාර්ගයෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට ගොස් භාරවීමෙන් පසු අත්අඩංගුවට පත් විය.
ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුවේ.
Previous Post Next Post