ලංකාවේ ඊ – පළාත් පාලන පද්ධතිය ඇරඹේ


පළාත් පාලන ආයතන කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් ඊ – පළාත් පාලන පද්ධතිය ක්‍රියාත්මක කිරීම අද
ආරම්භ කෙරුණා.

මහජනතාව පළාත් පාලන ආයතන වෙත කරන සියලු ගෙවීම් අන්තර්ජාල විද්‍යුත් කාඩ්පත් මගින් ගෙවීම මෙන්ම සියලු මහජන සේවා අන්තර්ජාල මගින් සිදුකිරීමට මේ ඔස්සේ හැකියාව උදාවනවා. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සමග එක්වයි වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඊ – පළාත් පාලන පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට අමාත්‍යවරුන් වන ෆයිසර් මුස්තාපා, හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වුණා.
Previous Post Next Post