දොර විවර නොකිරීම නිසා පොලිස්පති දළදා මාළිගාවේ සිරවේ



දොර විවර නොකිරීම නිසා
පොලිස්පති දළදා මාළිගාවේ සිරවේ

ඊයේ 1 වනදා නව වසරට ආශිර්වාද ගැනීමේ අටියෙන් සුදු වතින් සැරසී මහනුවර දළදා මාළිගය වෙත පැමිණි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දළදා සමිඳුන් වැඩ සිටින විහේෂ කුටිය වෙත යාමේ දොර විවාර නොකිරීම නිසා ටික වේලාවක් සිටගෙන
සිටින්නට සිදුවූ සිද්ධියක් වාර්තාවේ.
විශේෂ අමුත්තන්ට ඇතුළුවීමට තිබුණ දොර හරහා කුටියට පිවිසීමට පොලිස්පතිවරයා බලාපොරොත්තුවූ නමුත් එය වසා තිබුණ අතර නියමිත වේලාවට පමණක් විවර කිරීම සිදුව ඇත. එය විවර කරන ලෙස වරින්වර තට්ටු කළද එය විවර කර ඇත්තේ පසුවයි.
Previous Post Next Post