පොහොර සඳහා රුපියල් මිලියන 2500ක් රජය ලබාදෙයි



ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාගැනීම සඳහා රුපියල් කෝටි 250 ක මුදලක් නිදහස් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ගොවි ජනතාවට පොහොර ලබා ගැනීම සඳහා

බැංකු වෙත මුදල් ලැබී නොමැති බවට ඊ තමන් වෙත ලැබුණු තොරතුරක් අනුව තමා මුදල් අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳ විමසීමක් සිදු කොට එම මුදල් අදාළ බැංකුවල ගොවි ජනතාවගේ ගිණුම් වෙත යොමු කිරීමට උපදෙස් දුන් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඊයේ (30දා) පස්වරුවේ පොළොන්නරුව බැඳිවැව ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවැසීය.

ග‍්‍රාමීය ජනතාවගේ ගැටලු විසඳමින් එම ප‍්‍රදේශ සංවර්ධනය කරා ගෙන යාමේදී රාජ්‍ය නිලධාරින්ගේ මෙන්ම මහජන නියෝජිතයින්ගේ ද අදහස් හා යෝජනා ඉතා වැදගත් බවත් සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල්වල කිසිදු අඩුපාඩුවක් නොමැති බවත් අවශ්‍යව ඇත්තේ ගමේ සංවර්ධනයට කැපවන ජනතා නියෝජිතයින් පිරිසක් බවත් පැවැසිය.
Previous Post Next Post