නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 16 ක් අල්ලලා



ඊයේ (15) දින ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය
ධීවරයින් 16 ක්

සහ ට්‍රොලර් යාත්‍රා 4 ක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට  ගෙන තිබේ.
උතුරේ ඩෙල්ෆ්ට් දූපත හා කච්චතිවු දූපතට අයත් ඊසාන දෙසින් මුහුදු වෙරළේ දී  ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් යාත්‍රා කරෙයිනගර්හි  නාවික හමුදා කඳවුරේ රඳවා ගෙන තිබේ. මේ අතර, අත්අඩංගුවට ගත් ධීවරයින් කන්කසන්තුරේ  නාවික හමුදා කඳවුරට ගෙන ගොස්, නීතිමය ක්‍රියාමාර්ග සඳහා යොමු කර ඇත.



Previous Post Next Post