කාන්තාවන්ට මත්පැන් ලිහිල් නීතිය හා බාර් 10ට වැසීම ජනපති අවලංගු කරයි





පසුගිය 10 වෙනිදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉවත් කරන ලද මෙරට
කාන්තාවන්ට පනවා

තිබු මත්පැන් අලෙවි කරන ස්ථානවල සහ ස්කාගාරවල සේවය කිරීම, මත්පැන් මිලට ගැනීම සහ අලෙවිකරණය සඳහා වූ තහනම සහ මත්පැන් අලෙවිසල් වසන වේලාව 9 වෙනුවට රාත්‍රී 10 කරමින් පසු දින කරන ලද සංශෝධනය අද (14) සිට ජනාධිපති නියමයෙන් අවලංගු කර ඇත.
මෙම අලුත් සංශෝධන සමාජයේ නොයෙක් කතාබහට ලක්වීමෙන් පසු ජනපති කියා සිටියේ තමා ඒ ගැන නොදැනුවත්ව සිටි බවකි.
මෙම තහනම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් ප්‍රකාශ කර සිටියේ අගලවත්ත ප්‍රදේශයේ තිබුණු ජනහමුවකදී වන අතර ඒ සම්බන්ධ ශ්‍රිලනිප මාධ්‍ය නිවේදනය පහතින්
Previous Post Next Post