ත්‍රස්ත සැකකරුවන්ට දුටු තැන වෙඩි තබන්න - පුටින්ගෙන් නියෝග


රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර සුපිරී වෙළෙඳසැලට පෙරේදා (28) එල්ල වුණු බෝම්බ පුහාරයෙන් පසු ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවී සාකච්ඡා පවත්වමින්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියා සිටියේ ත්‍රස්ත
සැකකරුවන් ලෙස හඳුනා ගන්නා

පුද්ගලයන් දුටු සැණින් ඔවුන්ට වෙඩි තබන ලෙසටය. ශාන්ත පීටර්ස්බර්ග් නුවර වෙළෙඳසැලට් එල්ල වුණු එම බෝම්බ ප්‍රහාරය ත්‍රස්ත
ප්‍රහාරයක් ලෙස ජනපති පුටින් හඳුන්වාදී තිබේ.
එම ප්‍රහාරයෙන් ගැබිනියක ඇතුළු 14 දෙනෙක් තුවාල ලැබූහ. කිහිප දෙනකුගේ තත්ත්වය
බරපතල බව ද පැවැසෙයි. සිරියාවේ රජය පෙරළා දැමීමට උත්සාහ කළ එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ සහාය නොඅඩුව හිමිවිය. ඒ, ඇමෙරිකාවෙන් ලැබුණු අවි ආයුදවලින් සන්නද්ධ වෙමිනි. රුසියානු ජනපති පුටින්, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට සහාය දැක්වූයේ සිරියානු යුද්ධයට රුසියානු සොල්දාදුවන් සහ ප්‍රහාරක
ගුවන් යානා යොදවමිනි. රුසියාවේත්, තුර්කියේත්, ඉරානයේත් සහාය ඇතිව අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කිරීමට සිරියානු රජය සමත් වී සිටී. ශාන්ත පීටර්ස්බර්ග් නුවර වෙළෙඳසැළට බෝම්බ ප්‍රහාරය එල්ල කරන්න ඇතැයි සැක කෙරෙන්නේ ද අයි.එස්. හිතවාදීන් බවට සැක කෙරේ.


Previous Post Next Post