ඉන්දීය කමාන්ඩෝ ප්‍රහාරයකින් පාකිස්ථාන සෙබලුන් සිව් දෙනෙකු මරුට​



ඉන්දීය කමාන්ඩෝ සෙබලුන් විසින් පසුගිය සඳුදා රාත්‍රියේ එල්ල කරන ලද ප්‍රහාරයකින් පාකිස්ථාන සෙබලුන් සිව් දෙනෙකු මිය ගිය බව වාර්තා වුණා.

ජම්මු සහ කාෂ්මීර්

ප්‍රදේශයේ දෙපාර්ශවය අතර වන මායිමෙන් පාකිස්ථාන බල ප්‍රදේශය වෙත කඩා වැදුණු ඉන්දීය භටයින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

පසුගිය සෙනසුරාදා දිනයේ පාකිස්ථාන හමුදා විසින් ඉන්දීය පාලන ප්‍රදේශයට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයකට එකට එක කිරීමක් ලෙස මෙම ප්‍රහාරය සැළකෙනවා.

පාකිස්ථානය විසින් එල්ල කළ ප්‍රහාරයෙන් එක් මේජර්වරයකු ඇතුලු ඉන්දීය යුධ හමුදා සාමාජිකයන් සිව් දෙනකු මිය ගියා.

සඳුදා එල්ල කළ ප්‍රහාරයට ගත වූයේ විනාඩි 45 ක්. එහි අරමුණ වූයේ පාකිස්ථානය වෙත අනතුරු ඇඟවීම බව හමුදා ආරංචි මාර්ග සඳහන් කළා.
Previous Post Next Post