ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම කළ ඇමරිකාව​ තමන්ගේ නඩුව තමන් ම අසලා


ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනීමට ඇමරිකාව ගත් තීරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව සිය නිෂේධ බලය යොදා පරාජය කිරීමට ඇමරිකාව කටයුතු කළා.
ඊජිප්තුව විසින්

කෙටුම්පත් කළ මෙම යෝජනාව මගින් ඇමරිකාව විසින් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීම පිළිබඳ විරුද්ධවී තිබුනි.

නමුත් ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයකු ලෙස නිශේධ බලය හිමි ඇමරිකාව මෙම යෝජනාව ප්‍රතික්ෂේප කළා. ආරක්ෂක මණ්ඩලයේ සමස්ථ සාමාජික සංඛ්‍යාව 15 ක් වන අතර 14 දෙනෙකු මෙම යෝජනාවට කැමැත්ත දැක්වූ නමුත් ඇමරිකාව ඊට එරෙහි වුණා.

නිශේධ බලය හිමි ඇමරිකාවට එරෙහිව යෝජනාවක් ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා වීම තමන්ගේ නඩුව තමන්ම ඇසුවා හා සමාන අවස්ථාවක් වුණා.

ජෙරුසලමට ඊශ්‍රායලය සහ පලස්තීනය අයිතිවාසිකම් කියන අතර ඔවුන් දෙපිරිසම එය තම අගනුවර ලෙස සලකනවා. එහෙයින් මින් පෙර ජාත්‍යන්තර ප්‍රජාව මේ ප්‍රශ්නය පිළිබඳව එක් පැත්තක් ගත්තේ නැහැ.

නමුත් මෑතකදී ට්‍රම්ප් විසින් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමත් සමඟ මැදපෙරදිග උණුසුම තවත් වැඩි වුණා.
Previous Post Next Post