ඉලෙක්ෂන් වැඩ පටන්ගන්න මහින්ද ඇතුළු පොහොට්ටුව කතරගම වැඳලා


හිටපු ජනාධිපති  මහින්ද රාජපක්‍ෂ මහතා අද (17) දහවල් කතරගම පුදබිම වෙත පැමිණ විශේෂ ආගමික වතාවත්වල නිරත විය.
පළමුව කිරිවෙහෙර වෙත පැමිණි රාජපක්‍ෂ මහතා කිරිවෙහෙර සෑ රදුන් අභියස බුද්ධ පුජාමය වැඩ සටහනකට එක්විය. ඉන් පසුව කතරගම දේවාල භූමියට පැමිණියේය.
මෙම අවස්ථාවේ දී

ආගමික වතාවත් සිදු කරනු ලැබුවේ රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන සංඝනායක, කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් විසිනි.

මෙම අවස්ථාවෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී අභිණවාරාම විහාරස්ථානය වෙත පැමිණ රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණ තිස්ස හිමියන්  බැහැ දැක ආශිර්වාදය ලබා ගත්තේය.

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන පොහොට්ටු අපේකෂකයෝ පිරිසක් ද ඊට එක්වූහ.
Previous Post Next Post