මෙල්බර්න් ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව පොලිසිය කියයි

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේදී පදිකයින් යට කරගෙන වාහනයක් පැදවූ තැනැත්තා ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ බවක් මෙතෙක් නොපෙනෙන බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය පැවසුවා.

32 හැවිරිදි ඇෆ්ඝන් ජාතිකයකු වූ ඔහු මෙම ක්‍රියාව සිදු කළේ ෆ්ලින්ඩර්ස් සහ එලිසබෙත් වීථි අතර මංසන්ධියේදී.


ඔහු පොලිස් නිලධාරියකු විසින් අත් අඩංගුවට ගනු ලැබුණා. පසුව 24 හැවිරිදි අයකු ද අත් අඩංගුවට ගත් නමුත් ඔහු මෙම සිද්ධියට සම්බන්ධ නැතැයි කරුණු හෙළි වී තිබෙනවා.

රථය පැදවූ ඇෆ්ඝන් ජාතිකයා මත්ද්‍රව්‍ය භාවිතය සහ මානසික රෝග තත්ත්වයන් හේතුවෙන් පොලිසියට වාර්තා වූ අයකු බව ද හෙළි වුණා. මේ අනුව ඔහු මානසික ප්‍රශ්නයක් මත මෙම ක්‍රියාව කළ බවට සැක මතුව තිබෙනවා.

මෙම සිදු වීමෙන් 19 දෙනෙකු තුවාල ලැබුවා




Previous Post Next Post