ගෝඨා ඇරස්ට් නොකරන වාසි තීන්දුව තවත් දීර්ඝ කෙරේ


පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග
ගැනීම

වලක්වාලමින් අභියාචනාධිකරණය විසින් නියෝග කළ අතුරු තහනම් නියෝගය ලබන 15 දක්වා දීර්ඝ කර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණයේ සභාපති එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසින් පසුගිය දා මෙම අතුරු තහනම්  නියෝගය  නිකුත් කර තිබුණි.
එය අද(06) දිනය දක්වා බලපැවැත්වුණි.
අදාළ පෙත්සම අද යළි කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය විරෝධතා ඇත්නම් අද දිනයේ ඉදිරිපත් කරන ලෙසද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරියට දැනුම් දී තිබුණි.
Previous Post Next Post