දළ පූට්ටුවා ගේ ඝාතකයා මීට පෙරත් ඇතුන් මරලා?


ගල්ගමුවේ

දළ පූට්ටුවා නම් හස්තියා මරා දැමූ සැකකරු මීට පෙර ද දළ ලබා ගැනීම සඳහා ඇතුන් මරා දමා
ඇති බවට ‍තොරතුරු ලැබෙමින් පවතින බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වන විට සැකකරුවන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාර ගත කොට ඇති අතර මෙම අපරාධයේ සත්‍යය යටපත් කිරීම පිණිස පොල්පිතිගම ප්‍රදේශයේ දඩයම් කරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට පමුණුවා ඔවුන්ගෙන් ව්‍යාජ පාපෝච්ඡාරණ ගෙන අධිකරණය නොමග  යැවීමට දේශපාලන බල‍වතෙකු දරණ උත්සාහයක් පිළිබඳවද පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට තොරතුරු ලැබී ඇත.

එස්.ටී.පී සිල්වා
Previous Post Next Post