දුම්රිය වර්ජනය අදත් (7වන දිනය)

දුම්රිය සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද 7 වන දිනටත් ක්‍රියාත්මක වේ.
වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින්

ආරම්භ කළ වැඩ වර්ජනයට දුම්රිය වෘත්තීය සමිති 11ක් සහය පළ කළ අතර ඉන් වෘත්තීය සමිති 7ක සාමාජීකයින් ඊයේ යළි සේවයට වාර්තා කර තිබේ.

අද උදෑසන දුම්රිය ස්ථානවල තත්ත්වය වාර්තා කිරීමට ගිය අප වාර්තාකරුවන් පැවසුවේ, බොහෝ දුම්රිය ස්ථානවල පාලු ස්වභාවයක් ගන්නා බවයි.

මේ අතර වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිකයින් හා එම ගැටළුව විසඳීමට පත් කළ කැබිනට් අනුකමිටු සාමජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව ඇත.
Previous Post Next Post