3 වන ටෙස්ට් තරගෙදි ඇන්ජලෝ හා චන්දිමාල් ශතක රැස්කරති


ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වන අද විශිෂ්ඨ ඉනිම් දෙකක් ක්‍රීඩා කරමින් ශතක රැස්කිරීමට ඇන්ජලෝ මැතිව්ස් හා දිනේශ් චන්දිමාල් සමත්විය.
ඇන්ජලෝ අද සිය 8 වැනි ශතකය

රැස්කරද්දී, චන්දිමාල් රැස්කළේ 10 වැනි ටෙස්ට් ශතකය වේ.

ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා කල සබඳතාව ලකුණු 181 ක්.

එම සබඳතාව බිඳ වැටුණේ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 111 ක් ලබා සිටිය දී, සිව්වැනි කඩුල්ල ලෙස දැවී යාමත් සමගිනි.

ඒ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 256 ක්.

ඉන්දියාවේ දිල්ලිනුවර දී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 7 ක් දැවී ලකුණු 536 ක් රැස්කිරීමට සමත්විය.

Previous Post Next Post