2018දී සෞඛ්‍ය සමීක්ෂණ කෝල් එකක් ඔබේ දුරකථනයට

ජංගම දුරකථන භාවිත කරමින් බෝනොවන රෝග පිළිබද දත්ත එක්රැස් කිරීමේ සමීක්ෂණයක් ආරම්භ කිරීමේ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ
ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය

අමාත්‍යාංශයේ දී අද (14) පෙරවරුවේ පැවැත්විනි.
ඇමරිකා එක්සත් ජනපදයේ බිලුම්බර්ග් පදනමේ මුල්‍යාධාර මත මෙම වැඩපිළීවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම සාකච්ඡාවට එම පදනමේ නියෝජිතයින් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බෝනොවන රෝග චමිපිකා වික්‍රමසිංහ මහත්මිය ද එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ සියලුම ජංගම දුරකථන සමාගම් වල සහයෝගය ලබාගනිමින් මෙම දන්ත සමීක්ෂණය 2018 වසරේ දී ආරම්භ කිරීමට නියමිතය.



Previous Post Next Post