වත්කම් හෙළි නොකළාට සජින්ට රු.1000ක දඩයක්


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඉදිරිපත් කළයුතු වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීමේ චෝදනාවට
වරද පිළිගත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය රුපියල් 1000ක දඩයක් නියම කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ 2011 මාර්තු 31 වැනිදා හා 2012 මාර්තු 31 වැනිදා කාලය සඳහා එකී වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීමේ චෝදනාව යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ද වාස් ගුණවර්ධන මහතා එරෙහිව එම නඩුව පවරා තිබුණි.
Previous Post Next Post