මහින්ද පාපැදියෙන් ඇවිත් හැරෙව්වා- අය වැය ආරම්භයට පෙර දිනේෂ්ගෙන් චෝදනාවක්


අද දින අයවැය විවාදයට සහභාගීවීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පෙට්‍රල් නැති නිසා
පාපැදියකින් පැමිණි බවත්

ඔහුට පාර්ලිමේන්තුවට පැමිණෙන්නට ආරක්ෂක අංශ අවහිර බවත් කියමින් අයවැයට පෙර රීති ප්‍රශ්නයක් නගමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන චෝදනාවක් කලේය.ඒ ගැන සොයා බලන බව කතානායකවරයා කීය. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේ ලංකාව පොලිස් රාජ්‍යයක් නිසා මෙය සිදුව ඇති බවයි.
එම අවස්ථාවේ ආණ්ඩු පක්ෂය කියා සිටියේ පාපැදිය ඉදිරිපස හා පසුපස පෙට්‍රල් යෙදූ ජීප් රථ පැමිනි බවයි.
Previous Post Next Post