ඕස්ට්‍රේලියානු අගමැති එන නිසා අද උදෑසන කොළඹ ඇතැම් මාර්ග වහලා



බේස්ලයින් පාර, හෝර්ටන් පෙදෙස, කොල්ලුපිටිය සහ ගාලුමුවදොර අවට මාර්ගවල මෙලෙස රථ වාහන ධාවනය සීම කෙරෙන බවයි පොලීසිය පැවසුවේ.

උදෑසන 7.15 සිට උදෑසන 7.45 දක්වා කැළණි

පාලම අසල සිට බේස්ලයින් පාර, බොරැල්ල ඩී. එස්. හන්දිය සහ එතැන් සිට හෝර්ටන් පෙදෙස, ආනන්ද කුමාරස්වාමි මාවත, ශාන්ත මයිකල් පාර, කොල්ලූපිටිය හංදියේ සිට ගාලුමුවදොර දක්වා රථ වාහන මෙලෙස ධාවනය සීමා කරනු ඇති.

යළිත් එම මාර්ගවලම උදෑසන 9.15 සිට උදෑසන 9.45 දක්වා මෙම රථ වාහන ධාවන සැළැස්ම ක්‍රියාත්මක වනු ඇත.

ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ සංචාරය හේතුවෙන් මෙම විශේෂ රථ වාහන සැළැස්ම ක්‍රියාත්මක කර ඇත.

අද උදෑසන කොළඹ අවට මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කර තිබෙනවා.
Previous Post Next Post