වසරක් භාවිත කළ විදුලි මෝටර් රථ සඳහාත් බදු සහනය


නවතම විදුලි මෝටර් රථ සඳහා පමණක් ලබාදීමට මෙවර අය වැයෙන් යෝජනා කෙරෙන බදු සහනය වසරක්
දක්වා භාවිත කළ

විදුලි මෝටර් රථ සඳහාද ලබාදීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (15දා) නිකුත් කිරීමට නියමිතව තිබිණි.
නවතම විදුලි මෝටර් රථ සඳහා පනවා තිබූ ආනයනික බද්ද රුපියල් ලක්ෂ 10කින් අඩු කිරීමට මුදල් අමාත්‍යවරයා මෙවර අය වැයෙන් යෝජනා කර තිබිණි.
සිදත් මෙන්ඩිස්
Previous Post Next Post