සුජීව සේනසිංහ සහ අර්ජුන් අතර ටෙලිපෝන් කෝල් 62 ක්

මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳව කෝප් පරීක්ෂණය සිදුවන කාල සීමාවේ එහි සාමාජික රාජ්‍ය අමාත්‍ය
සුජීව සේනසිංහ හා
පර්පෙචුවෙල් සමාගමේ අර්ජුන් ඇලෝසියස් මහත්වරුන් අතර දුරකතන සංවාද 62 ක් සිදුව ඇති බව අද බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය විය.
මේ කවර කාරණා සම්බන්ධයෙන්ද යන්න තවම හෙළි කර නැති අතර මේ සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩිදුර විමර්ශන සිදුවනු ඇත.මීට අමතරව කොමිසම හමුවේ අනාවරණය වූයේ තවත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් ති දෙනෙකු සමග ද ඇලෝසියස් මහතා දුරකතන සංවාද සිදුකර ඇති බවයි.

Previous Post Next Post