දෙරණ හොඳම නළුවා වුණ දසුන් පතිරණ මියගිය දසුන් නිශාන් සිහි කරමින් කළ ආයාචනය


‘මේ වගේ ගොං මෝඩකම් කරන්න එපා‘
දෙරණ හොඳම නළුවා වුණ දසුන් පතිරණ 
මියගිය දසුන් නිශාන් සිහි කරමින් කළ ආයාචනය


ඊයේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැති දෙරණ සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනූ දසුන් පතිරණ සිය ජයග්‍රහණය ලද අවස්ථාවේ ඔහුගේ හොඳ මිතුරෙකු වූ පසුගියදා මියගිය දසුන් නිශාන්ව සිහිපත් කරමින්
කළ කතාව

බොහෝ අයට සංවේදී හැඟීමක් ඇති කළා.

‘මගේ යාළුවා දස්සා.. නැතිවුණා මේ වෙලාවේ.. දස්සා සම්මානයක් ගන්න වෙලේ දස්සා හිටියනම් ගොඩක් සතුටු වෙයි. වැදලා කියන්නම් ආයෙමත් මේ වගේ දේවල් අපේ එකා කරපු ගොං මෝඩකම් කරන්න එපා.. ඒක නෙවෙයි ලයිෆ් එක කියන්නේ.. ජයවේවා..‘

ෆ්‍රැන්ජිපානී චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් සම්මාන දිනා දසුන් කළ කතාවේ වීඩියෝව පහතින්
Previous Post Next Post