දොස්තර නෝනාට ලෙඩ පෙන්වන්න ඇවිත් අවි පෙන්නා රන්බඩු කොල්ලකාලා


දතකට ප්‍රතිකාර ලබාගැනීමේ රෝගියෙකු ලෙස වෙස්වළාගෙන පසුගියදා පානදුර ශ්‍රීමහා විහාර පාරේ දන්ත
වෛද්‍ය ඩිස්පැන්සරියකට

ඇතුළුවූ පුද්ගලයෙකු වෛද්‍යවරියට ගිනි අවියක් එල්ල කර බියගන්වා ඇය පැළඳ සිටි රන් භාණ්ඩ හා රුපියල් පන්දහසක මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි පානදුර දකුණ පොලීසිය කියයි. පැමිණි කොල්ලකරු වෛද්‍යවරිය පැළැඳී රන් මාලය මුදුව කොල්ලකා තිබේ.  දෙදෙනෙකු පැමිණ ඇති අතර එක් පූද්ගලයකු එම වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිට යතුරුපැදියේ සිටියදී අනෙක් පූද්ගලයා ඇතුළට ගොස් ගිනි අවියක් එල්ල කර තර්ජනය කර ඇය
පැළැඳ සිටි රන් මාලය හා මුදුව ඇය ලවාම ගලවාගෙන අනතුරුව පළා ගොස් තිබේ. මෙම අවස්තාවේ
අවස්ථාවේ වෛද්‍ය මධ්‍යස්ථානයේ සහායිකාව පැමිණ නොසිටි අතර සිට ඇත්තේ එම වෛද්‍යවරිය පමණකි.
ඇගේ ස්වාමි පුරුෂයා කිසියම් අවශ්‍යතාවයකට නගරයට ගොස් නැවත මධ්‍යස්ථානය ඉදිරිපිට මෝටර් රථය නවත්වමින් සිටි අවස්ථාවක මෙම කොල්ලය සිදුකර ඇත.පානදුර දකුණු පොලිසිය පරික්ෂණ පවත්වයි

Previous Post Next Post