මලික් හා කබීර්ට බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, සිතාසි


 ඇමති මලික් හා කබීර් හෂීම්ට බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, සිතාසි
අමාත්‍ය කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රමට බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, සිතාසි නිකුත් කර තිබේ.



ඒ අනුව අදාළ අමාත්‍යවරුන් හෙට දිනයේ කොමිසම හමුවේ පෙනී සිටිය යුතු ය.

මේ අතර කෝප් කමිටු සාමාජික හා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අද දිනයේ සාක්ෂි ලබා දීම සඳහා බැඳුම්කර ගනුදෙනු විමර්ශන ජනපති කොමිසම හමුවට පැමිණියේ ය.

අප වාර්තාකරු සඳහන් කළේ, බැඳුම්කර කොමිසමට සහය දක්වන නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ ඔහු ප්‍රකාශයක් ලබා දෙමින් සිටින බවයි.
Previous Post Next Post