අක්ක නගෝ මරණවලින් පසු ගව ප්‍රවාහනයට බලපත්‍ර නිකුත් කිරිම ජනපති අත්හිටුවයි


ගවයින් ප‍්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නියෝග කර ඇතැයි  ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයකින් දන්වා තිබේ.
දැනට ගවයින් ප්‍රවාහනය කිරීම සඳහා බලපත‍්‍ර

නිකුත් කිරීම ප‍්‍රාදේශීය ලේකම් හරහා සිදුවන අතර නීති විරෝධි අයුරින් ගවයින් ප්‍රවාහනය කිරීම ඉතා සීග‍්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, ඒතුළින් කිරි ගව කර්මාන්තයට මෙන්ම කෘෂිකාර්මික අවශ්‍යතාවයන්ට ද දැඩි බලපෑමක් එල්ල වී තිබෙන බවත් විස්තර කර තිබේ.
ගවයින් ප‍්‍රවාහනය පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන තෙක් ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරිම තාවකාලිකව අත්හිටුවා ඇත.
අද දින පුවත්පත් සිරස්තලයක් ලෙස පළවී තිබූ අනුරාධපුරයේ උපාධිධාරී අකක නගෝ හදිසි මරණ සිදුවූයේ ගව ප්‍රවාහනය කළ රථයක් පසුපස පොලිසිය ලුහුබැඳයාමේ සිද්ධියකට කලබලවූ රියදුරු සිදු කළ අනතුරක් නිසාය.
මෙම සිද්ධිය මෙම නව නියෝගයට සම්බන්ධ බවට ඉඟි සපයයි.
එම සිද්ධිය මෙතැනින්


Previous Post Next Post