අයිඕසී තෙල්මිල මේ සතියේ ඉහළට


මේ සතිය තුළදී පෙට්‍රල් හා ඩීසල් මිල වැඩි කිරීමට සැලසුම් කර ඇතැයි ලංකා අයි. ඕ. සී. (IOC) සමාගම දන්වා
තිබේ.ලෝක වෙළෙඳපොළේ

වත්මන් මිල ගණන් අනුව ඉන්ධන අලෙවියේදී තම සමාගමට විශාල පාඩුවක්‌ ලැබීමට සිදුවී ඇතැයි මෙයට හේතු වශයෙන් සඳහන් කර ඇත.
වැඩි කරන මිල ගණන් තවම තීරණය කර නැතැයි පවසන කළමනාකාර අධ්‍යක්‍ෂ ශ්‍යාම් බෝරා ඉන්ධන සඳහා බදු අඩු කිරීම හෝ මිල වැඩි කිරීම සිදුකළ යුතු බව රජයට දැනුම් දී ඇතැයි දන්වා ඇත.
 කෙසේ වෙතත් සිපෙට්කෝ ලාෆ්ස් ආදි අනෙක්ස සමාගම් තෙල් මිල ගණන් වෙනස්කිරීමක් ගැන වාර්තා නොවන අතර අයි. ඕ. සී. (IOC) සමාගම මිල වැඩි කළත් අනෙක් පිරවුම් හල්වල තෙල් පවතින මිලටම අලවි වනු ඇතැයි වාර්තාවේ.

Previous Post Next Post