රංග කලංසූරිය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ‍ජෙනරාල් ධූරයෙන් ඉල්ලා අස්වේ


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ‍ජෙනරාල් රංග කලංසූරිය
මහතා සිය

ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන් බව වාර්තාවේ.
2016 ජුනි මස 6 වැනි දින සට වසරකුත් මාස 3 ක පමණ කාලයක් ඔහු එම තනතුරේ සේවය කළේය.
මෙම තනතුර භාරගෙන මසකින් 2016 ජුලී මාසයේත් ඔහු ඉල්ලා අස්වන්නට උත්සාහ කර තිබුණි. ‘රංග කලංසූරිය භයානක මිනිහෙක්-මෛත්‍රීගෙන් හෙළිදරව්වක්’ යන ශීර්ෂ පාඨය යටතේ පුවත්පතක පළවූ ලිපියක් එයට හේතු විය. නමුත් එම ඉල්ලා අස්වීම එවර ජනපති භාරගත්තේ නැත.
ඔහුගේ ඉල්ලා අස්වීමට මෙවර හේතුවූ කරුණු තවම පැහැදිලි කර නැත.


Previous Post Next Post