ඩෙංගු වැලඳුණු රාජ්‍ය සේවකයන්ට වැටුප් සහිත නිවාඩු ඕනෑලු


ඩෙංගු රෝගය වැලඳුණු සියලුම රාජ්‍ය සේවකයන්ට වැටුප් සහිත නිවාඩු ලබා දෙන ලෙස ජාතික වෘත්තීය සමිති
මධ්‍යස්ථානයේ

ලේකම් මහින්ද ජයසිංහ මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත පෙරේදා (12දා) ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත.

මාරාන්තික සහ අසාධ්‍ය රෝග ලෙස සැලකෙන ක්ෂය රෝගය, ලාදුරු, පිළිකා යන රෝග අතරට ඩෙංගු රෝගයද ඇතුළත් කළ හැකි බැවින් ආයතන සංග්‍රහය යටතේ ඩෙංගු රෝගීන්ටද සම්පූර්ණ වැටුප් සහිත මාස 6ක නිවාඩු ලබා ගැනීමේ හැකියාවක් ඇති බව ඔහු මේ ලිපියෙන් පෙන්වා දී ඇත.

ඩෙංගු රෝගය මාරාන්තික හා ඉතා අසාධ්‍ය රෝගයක් බව දන්නා සෞඛ්‍ය අමාත්‍යාංශය සම්පූර්ණ පඩි සහිත විශේෂ නිවාඩුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සඳහා ලබාදෙන ලෙස මැයි මස 18 දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ චක්‍ර ලේඛයෙන් දන්වා ඇති බවද මේ ලිපියෙන් මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

වේයන්ගොඩ - ඉන්දික තුෂාර

Previous Post Next Post