අදාල කාන්තාව ඉඳුරුව ප්‍රදේශයේ
ඉඳුරුව - යාලේගම මුහුදු තීරයේ පෙරේදා (13දා) සවස දිය නාමින් සිටියදී අතුරුදන් වූ පසු ඇය සොයා හෝටල් බලධාරීන් විමසුම් කරත් හමුවූයේ නැත.
ඊයේ අලුයම කොස්ගොඩ වෙරළට ගොඩගසා තිබියදී ඇගේ මළ සිරුර සොයා ගෙන ඇති අතර ඇය අවුරුදු 45 – 50 ත් අතර වයසේ පසුවන බව පොලීසිය සඳහන් කළේ ය.
මෘත ශරීරය මේ වන විට ඇල්පිටිය මුලික රෝහලේ තැන්පත් කර තිබේ.
මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (14දා) ඇල්පිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. කොස්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Tags:
Trending