සුන්දරී සමග අමනාප වූ සැමියා පොල්ගෙඩියකින් ගසා මරලා


අම්පාර, තිරික්කෝවිල්, තඹුළුවිල් ප්‍රදේශයේ දී සැමියා සිය බිරිඳට පොල් ගෙඩියකින් පහර දී ඝාතනය කිරීමේ
සිද්ධියක් වාර්තා වේ.
දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ඊයේ මෙම පහරදීම සිදුව ඇති අතර
පහරකෑමට ලක්වීමෙන් මිය ගොස් ඇත්තේ 38 හැවිරිදි යෝග සුන්දරී නමැති කාන්තාවකි.
මියගිය කාන්තාවගේ මෘත ශරීරය අම්පාර රෝහලේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති අතර තිරික්කෝවිල් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Previous Post Next Post