විද්‍යා ඝාතනයට උපකාර කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයසිංහ රිමාන්ඩ්

සමූහ දූෂණයවී ඝාතනයට ලක්වූ යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ හා එම දූෂණ වීඩියෝ
ස්විට්සර්ලන්තයට
යැවීමට කටයුතු කළ සිද්ධියේ ප්‍රධාන සැකකාර ස්විස් කුමාර්ට රැකවරණය දීම සහ පැන යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ඔහු සෙනසුරාදා සවස රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
රිමාන්ඩ් කරනු ලැබූ ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුර බන්ධනාගාරයට රැගෙන යනු ලැබීය.

Previous Post Next Post