ඩුබායි සාප්පුවක එමීර් තරුණියක් ඇඳුම් මාරු කරද්දී ෆොටෝ ගැසූ ශ්‍රී ලාංකිකයා රිමාන්ඩ්


ඩුබායි සාප්පුවක එමීර් තරුණියක් ඇඳුම් මාරු කරද්දී
ෆොටෝ ගැසූ ශ්‍රී ලාංකිකයා රිමාන්ඩ්

ඩුබායි රාජ්‍යයේ සුප්‍රකට නිමි ඇඳුම් සාප්පු සංකීර්ණයක ඇඳුම් තේරීමේ යෙදී සිටි තරුණ කාන්තාවකගේ ඡායාරූප හොරෙන් ලබාගත් බව කියන ශ්‍රී ලාංකික පුද්ගලයෙකු එරට පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණය මගින් සිරගත කළ පුවතක් වාර්තාවේ.
ඩුබායිහි ශ්‍රමිකයෙකු ලෙස සේවය කරමින් සිටි 25 හැවිරිදි මෙම තරුණයා සතිඅන්තයේ නිවාඩුවට සාප්පු සවාරි යන අතරේ සුන්දර රූ සපුවක් ඇතැයි කියන එමීර් ජාතික තරුණියක
එක්තරා විලාසිතා සාප්පුවක සිටිනු දක්නට ලැබී ඇත. පසුව ඇය පසුපස යමින් ඇගේ ඡායාරූප ලබාගන්නට ඔහු කටයුතු කර තිබෙන අතර ඇයටත් හොරෙන් ඇය ඇඳුමක් මිලට ගන්නට ඇතුළුවූ සාප්පුවකටත් ගොඩවැදුණ මෙම තරුණයා පසුව ඇයගේ සිරුරට ඇඳුම හරියනවාදැයි බලන්නට ඇඳුම් මාරු කර බලන
කාමරයට ඇතුළුවූ පසු ඒ ආසන්නයේ දැවටෙමින් සිටි තරුණයා රහස්‍ය ලෙස එහි දොර මෑත් කරමින් ඇය දෙස බලමින් ඡායාරූප ගන්නට උත්සාහයක නිරතවී ඇත.
තමා සිටින කාමරයේ දොර අසළ තීිරුවෙන් කිසිවෙකු කැමරාවක් යොමු කරනු අහම්බෙන් දුටු මේ තරුණිය භිතියට පත්ව කෑගසා ඇති අතර එම අවස්ථාවේ සාප්පුවේ සිටි අනෙක් අය සිද්ධවූ දේ කුමක්දැයි බලන්නට එද්දී අදාළ තරුණයා ෆෝන් එකද බිම වට්ටාගෙන පළා යන්නට උත්සාහ ගෙන තිබේ. පසුව සාප්පුවේ ආරක්ෂකයින් ඔහු කුදලාගෙන ඇවිත් ප්‍රශ්නය විමසද්දී සියල්ල අනාවරණය වී ඇත.

තරුණයාගේ කැමරා ෆෝනය පරීක්ෂා කිරීමේදී එහි මේ කියන තරුණියගේ ඇඳුම් මාරු කරන ඡායාරූප ඇතුළු ඡායාරූප ගණනාවක් මෙන්ම වෙනත් පාරේ තොටේ යන සුන්දර තරුණියන්ගේ ඡායාරූප රැසක්ද සොයාගන්නට හැකිවී ඇත.
ආරක්ෂකයින් තරුණයාව පොලිසියට භාර දුන් පසු ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණ අතර එමිරේට්ස් නීතිරීති අනුව ඔහුට මාස 3 ක සිර දඩුවමක් හා දඩුවමින් අනතුරුව රටින් පිටුවහල් කිරීමකට යටත් කළ බව ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය වාර්තා කර තිබේ.
Previous Post Next Post