මම මුලින්ම කැමරාවක් ඉදිරියට එන්නෙ මට වයස අවුරුදු අටේදි. ඒ ටීවී කමර්ෂල් එකකින්. වයස අවුරු දහයෙදි ටෙලි නාට්‍යයක රඟපාන්න අවස්ථාව ලැබෙනව. ඊට පස්සෙ මියුසික් වීඩියෝ පහළොවකට විස්සකට විතර රංගනයෙන් දායක වෙනව. ඒ වගේම මිස්ටර් ශ්‍රී ලංකා මෑන් හන්ට් තරගාවලියේ මිස්ටර් යුනිවර්ස් අංශයෙන් ජයග්‍රහණය කරනව.
මගේ තාත්තා ජ්‍යොතීර්වේදියෙක්. ඒ නිසා තාත්තා මට නම තියනව මාන්චන තාරක කියල. ඒකෙ තේරුම තමයි බැබලෙන තරුව. ඉතිං කලාව කියන දේ මගේ හඳහනේ හෝ මගේ ඇඟේ තිබුණ දෙයක් කියල මම විශ්වාස කරනව.
රංගන ශිල්පියෙක් විදිහට ‘අග්නි ජය’ කියන්නෙ මගෙ ජීවිතයේ අලුත් අත්දැකීමක්. ඒ වගේම ප්‍රේක්ෂකයා මේ නිර්මාණය භාරගන්න විශේෂ හේතුවක් තිබුණා. මොකද ශානරයක් විදිහට ලංකාවේ සිනමාව තුළ ඇක්ෂන් චිත්‍රපට වැඩිය බිහි වුණේ නැහැ සහ මෙහි තිබෙන ලස්සන ආදරයත් ඒකට බලපාන්න ඇති කියල මම විශ්වාස කරනව.
ලංකාවේ සහ ලෝකයේ දැනට ඉන්න සියලුම අධ්‍යක්ෂවරුන්ට පළමු චිත්‍රපටය කියල එකක් තියෙනවනෙ. ඉතිං මගේ පළමු චිත්‍රපටය තමයි ‘අග්නි ජය’.
මට කලාවට සහ මාධ්‍යයට සම්බන්ධ පවුල් පසුබිමක් තියෙනව. මගේ තාත්තා එක්ක කුඩා කාලයේ පටන්ම ලංකාවේ තියෙන සියලුම මාධ්‍ය ආයතනවලට ගිහින් තියෙනව. ඉතිං දැක පුරුද්ද සහ පලපුරුද්ද කියන දේ මට තිබුණා.
මගේ වැඩි කැමැත්ත තියෙන්නෙ ඇක්ෂන් රොමෑන්ටික් ශානරයට. සුනෙත් මාලිංග අයිය අතින් හැඩ වුණ මේ පිටපත මගේ අතට ලැබුණ වෙලාවෙ ඒකට දෙන්න ඕන හැඩය මම දන්නව කියල මට හිතුනා. ඒ නිසා තමයි ‘අග්නි ජය’ කියල චිත්‍රපටයක් වෙනස් මුහුණුවරකින් රිදී තිරයට ගේන්න මම භාර ගත්තෙ.
මේ චිත්‍රපටය වෙනුවෙන් මම පාවිච්චි කරපු වෙනස් ක්‍රම තියෙනව. එකක් තමයි දක්ෂ සහ අත්දැකීම් සහිත කලාකරුවන් සම්බන්ධකර ගැනීම. එවැනි අය විසිහත් දෙනෙක් මේ සඳහා තමන්ගේ රංගන දායකත්වය ලබා දෙනව. නිර්මාණයේ සාර්ථකත්වයට ඔවුන්ගෙන් ලැබුණ සහයෝගය මට ගොඩක් උපකාරී වුණා. ඒ වග්ම මෙහි එන සෑම දර්ශනයක්ම මොන විදිහටද වෙන්න ඕන කියන දේ අපි කලින්ම තීරණය කළා.
මගේ සහජ කුසලතා එළියට දෙන්න හැකියාව ලැබුණෙ ‘අග්නි ජය’ චිත්‍රපටය හරහා. මෙවැනි නිර්මාණවලට අත්‍යවශ්‍ය වෙන සටන් කලාවන් කිහිපයක්ම මම හදාරලා තියෙනව. ඒ වගේම ඩාන්සිං පුරුදු පුහුණු කරල තියෙනව. මම බලාපොරොත්තු වෙනව ඉදිරියේදි මගේ අධ්‍යක්ෂණයෙන් හෝ වෙනත් අධ්යක්ෂවරයකු යටතේ සිංහල සිනමාව වෙනුවන් ලස්සන නිර්මාණ ටිකක් කරන්න.
මම මොන ජෙනරේෂන් එකක හිටියත් එදා තිබුණ සිංහල සිනමාවට ආදරය කරන කෙනෙක්. විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම වැනි අපේ කලාවේ ශ්‍රේෂ්ඨයන්ට ගෞරව කරන කෙනෙක්. මේක මාර සිනමාවක්. ඉතිං මම හිතනව මෙවැනි දේවල් තරුණයන් විදිහට ඊළඟ පරම්පරාවට අපි කළ යුතුයි කියල.
‘අග්නි ජය’ වෙනුවෙන් මම ලකාවට ගේන්නෙ ඉන්දියාවේ තලපති විජේ, අමීර් ඛාන් වැනි සිනමාවේ දැවැන්තයන් එක්ක වැඩකරපු දක්ෂ සටන් අධ්යක්ෂවරයෙක්. එතුමා මට කියනව ඔයා වගේ තව කෙනෙක් ගන්න කියල. මොකද වැටිල අනතුරක් වෙයි, ස්ටන්ට් ඔයා කරන්න එපා කියල. නමුත් මම ඒ වෙලාවෙ කිව්වෙ මොන දේ වුණත් ඒක මම ම කළ යුතුයි කියල.
ලංකාවේ ප්‍රේක්ෂකයන් යම්කිසි මුදලක් වියදම් කරල ෆිල්ම් හෝල් එකට ඇවිත් නිර්මාණය බලද්දි අධ්යක්ෂවරයා හෝ රංගන ශිල්පියා සිනමාවට යම් දෙයක් කළා කියන දේ ඔවුන්ට දැනෙන්න ඕන කියල මම විශ්වාස කරන නිසයි මොන වගේ අවදානමක් තිබුණත් අභියෝගයක් විදිහට ස්ටන්ට් මම ම කරන්න හිතුවෙ.
පිටපත කියෙව්වට පස්සෙ මීරාගේ චරිතය වෙනුවෙන් මගේ ඔළුවට ආවෙ ශනුද්‍රි. වැඩකටයුතු සියල්ල අවසානයේ මම හිතනව මම ගත්ත තීරණය හරි කියල.
ඇක්ෂන් කියන ශානරය අපි පොඩි කාලෙ, අපේ තාත්තලාගෙ තරුණ වියේදි ගොඩක් ජනප්‍රිය වෙලා තිබුණා. ක්ලීටස් මෙන්ඩිස්, ගාමිණී ෆොන්සේකා, රොබින් ප්‍රනාන්දු, විල්සන් කරු වැනි දක්ෂ සටන් ශිල්පීන් සිංහල සිනමාවේ හිටියා. නමුත් මෑත කාලයේ සිංහල සිනමාවේ ඇක්ෂන් කියන ශානරයට පණ දෙන්න පුළුවන් අය හරි අඩුයි සහ එවැනි නිර්මාණ බිහිවෙන්නෙත් අඩුවෙන්. ‘අග්නි ජය’ චිත්‍රපටයත් එක්ක මම විශ්වාස කරනව ඇක්ෂන් හීරෝ කෙනෙක් විදිහට නැවත ඒ ශානරයට පණ දෙන්න මට පුළුවන් කියල.
‘අග්නි ජය’ සියයට සියයක්ම ස්වතන්ත්‍ර නිර්මාණයක් වගේම අපේ රටේ ප්‍රේක්ෂකයන්ට වෙනත් කිසිම චිත්‍රපටයකින් දැකගන්න නොලැබුණ කතාවක්. මෙහි ප්‍රඩක්ෂන් කොලිටි එක සහ ටෙක්නොලොජි එක නිසා බොහෝ දෙනකුට ප්‍රශ්නයක් ඇති මේක ලංකාවේ කරපු එකක්ද කියල. එහෙම හිතෙන හැම දෙනාටම කියන්න තියෙන්නෙ මේක සියයට සියයක්ම ශ්‍රී ලාංකික පවුලේ චිත්‍රපටයක් කියල.