මේ දිනවල සිරස ටීවී ඔස්සේ විකාශය වන 'නීල සමනලී', අයි.ටී.එන්. නාලිකාවේ 'මීෂා' සහ ජාතික රූපවාහිනියේ 'ගෑනු පිරිමි මල් පලතුරු' යන ටෙලිනාට්‍ය ඔස්සේ එකිනෙකට වෙනස් චරිත තුනකින් ප්‍රේක්ෂකයන් හමුවට එන ජනප්‍රිය රංගන ශිල්පිනී වගීෂා සල්ගාදු, සිය කලා කටයුතු සහ ජීවිතයේ නවතම තොරතුරු පිළිබඳව පැවති කතාබහකදී අදහස් දක්වා තිබිණි.
වගීෂා, කොහොමද මේ දවස්වල ජීවිතේ?
ජීවිතේ බොහොම සතුටින්, වැඩකටයුතු සමඟ කාර්යබහුල වෙමින් ඉතා ලස්සනට හා හොඳින් ගලාගෙන යනවා.
මේ දවස්වල තරමක් කාර්යබහුල කාලයක් ද ගත කරන්නේ?
ඇත්තෙන්ම ඔව්. ටෙලි නිර්මාණ, සිනමාපට, වෙළෙඳ දැන්වීම් සහ සංගීත කටයුතු හේතුවෙන් නිවසට යාමටවත් වෙලාවක් නැති තරමටම හොඳ නිර්මාණ සමඟ කාර්යබහුල වී සිටිනවා. කාලයක් නිර්මාණකරණයෙන් තරමක් ඈත්ව සිට නැවතත් මෙවැනි නිර්මාණ සඳහා දායක වීමට ලැබීම ගැන මා සිටින්නේ ඉතාමත් සතුටින්.
මේ දවස්වල වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන්නේ කුමන චරිතයට ද?
මගේ ටෙලි නිර්මාණ තුනක් මේ වන විට විකාශය වන අතර, එම නිර්මාණ තුනෙන්ම මට එකිනෙකට වෙනස් ප්‍රතිචාර ලැබෙනවා. එබැවින් එයින් එක චරිතයක් පමණක් තෝරා ගැනීමට මට අපහසුයි. විවිධ ප්‍රේක්ෂකයන් විවිධ ආකාරයෙන් මෙම චරිත ග්‍රහණය කරගෙන තිබෙනවා. 'නීල සමනලී' හි නෙහාරාට, 'මීෂා' හි දුල්මිට සහ 'ගෑනු පිරිමි මල් පලතුරු' හි රුවනිට ඉතා ලස්සනට ආදරය ලැබෙමින් පවතිනවා.
නිතර දකින සුන්දර ප්‍රේමවන්තියගේ රාමුවෙන් මිදී 'මීෂා' ටෙලිනාට්‍යයෙන් වෙනස්ම හැඩයකින් ප්‍රේක්ෂකයන් ඉදිරියට එන විට දැනුණු වෙනස කෙබඳු ද?
'මීෂා' ටෙලිනාට්‍යයේ දුල්මිගේ චරිතය මට බෙහෙවින් විශේෂයි. මා මීට පෙර 'ටොම් බෝයි' චරිතයක් නිරූපණය කර නැහැ. එය කැප් එකක්, මාල, කණ්ණාඩි පැළඳ කොට කලිසම් අඳින කොලු ගති ඇති තරුණියකගේ චරිතයක්. නිවන්ත ප්‍රසාර අයියා මේ චරිතය සඳහා මට ආරාධනා කළ අවස්ථාවේදීත් මා දෙවරක් නොසිතා කැමැත්ත පළ කළේ මීට පෙර එවැනි චරිතයක් කර නොතිබූ නිසයි. එමෙන්ම අදාළ චරිතය නිරූපණය කිරීමට අවශ්‍ය නිදහස අධ්යක්ෂවරයා විසින් මට ලබා දී තිබෙනවා. වගීෂා නමැති රංගන ශිල්පිනිය තුළ මෙවැනි චරිතත් කළ හැකි බව මටම අවබෝධ වූයේ දුල්මිගේ චරිතය කරන අතරතුරයි. වෙනස්ම චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වනවා.
ඒ සමඟම 'නීල සමනලී' සහ 'ගෑනු පිරිමි මල් පලතුරු' නාට්‍යවල ඔබ නිරූපණය කරන චරිත ගැනත් සඳහන් කළොත්?
විශේෂයෙන්ම කිව යුතු කරුණක් තිබෙනවා. මගේ ටෙලිනාට්‍ය ජීවිතයේ නිරන්තරයෙන්ම සිදුවන විශේෂ දෙයක් නම්, එකම කාලවකවානුවකදී ටෙලි නිර්මාණ තුනකට හෝ හතරකට දායක වෙමින් එකිනෙකට වෙනස් චරිත නිරූපණය කිරීමට අවස්ථාව ලැබීමයි. මෙවරත් එය එසේමයි. 'නීල සමනලී' හි නෙහාරාගේ චරිතය හාත්පසින්ම වෙනස්, ඉතාමත් පොෂ් චරිතයක්. කොළඹ පරිසරයේ හැදී වැඩුණු, ඉංග්‍රීසි කතා කරන, බටහිර හැඩරුවක් සහ බටහිර කතා විලාසයක් ඇති ඉතා දඟකාර චරිතයක් ලෙස එය හැඳින්විය හැකියි. දුල්මි යනු ඊට වෙනස් ටොම් බෝයි චරිතයක්. ඒ වගේම 'ගෑනු පිරිමි මල් පලතුරු' නාට්‍යයේ රුවනිගේ චරිතය ඊටත් වඩා හාත්පසින්ම වෙනස් කලාත්මක වැඩක්. මා මීට පෙර 'දිවිතුරා', 'රාජිනි' සහ 'ලංවී' යන නාට්‍යවල චරිත නිරූපණය කළා මෙන්ම, නැවත වතාවක් දුල්මි, නෙහාරා සහ රුවනි යන චරිත තුනම තුන් ආකාරයකින් නිරූපණය කිරීමට මට අවස්ථාව හිමි වුණා. ඒ පිළිබඳව මා සතුටු වන අතර, මෙම චරිත තුනම මට බෙහෙවින් වටිනවා.
සිනමාව පැත්තෙන් ඉදිරියේදී ප්‍රේක්ෂකයන් හමුවට එන්නට තිබෙන නිර්මාණ මොනවාද?
මෙම වසර මා ආරම්භ කළේත් සිනමා නිර්මාණයකට දායක වෙමිනුයි. මේ වන විට චිත්‍රපට පහක රූගත කිරීම් අවසන් කර තිබෙන අතර, මේ දිනවල හයවැනි සිනමා නිර්මාණයේ රූගත කිරීම්වල නිරත වී සිටිනවා. ඊට අමතරව හත්වැනි සිනමා නිර්මාණය පිළිබඳවත් සාකච්ඡා කරමින් පවතිනවා. මෙම වසරේ වැඩි කාලයක් සිනමාවේ හොඳ නිර්මාණ වෙනුවෙන් දායක වීමට මට හැකි වුණා. වැඩ අවසන් කර ඇති චිත්‍රපට පහෙන් තුනක්ම දෙමළ සිනමා නිර්මාණ වීම ද විශේෂත්වයක්.
ඔබ දෙමළ සිනමාවට වැඩි ඉඩක් ලබා දී තිබෙනවා ද?
එවැනි විශේෂත්වයක් නැහැ. මා සිංහල සිනමාවේ මෙන්ම දෙමළ සිනමාවේ ද නිර්මාණ සමඟ වැඩ කරනවා. හොඳ පිටපතක් සහ හොඳ චරිතයක් ලැබුණහොත් මා එය භාර ගන්නවා. මගේ බාහිර පෙනුම මෙන්ම දෙමළ භාෂාව හැසිරවීමට ඇති හැකියාව නිසා දෙමළ සිනමාවෙන් මට වැඩි වශයෙන් ආරාධනා ලැබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුළත් දෙමළ නිර්මාණ වැඩි වශයෙන් බිහි වනවා. අපි සියලු දෙනාම එකතු වුණු රටක්. ඒ නිසා සිංහල ද දෙමළ ද යන්නට වඩා අපේ සිනමාව වෙනුවෙන් මගේ උපරිම දායකත්වය ලබා දීමට මා කටයුතු කරනවා.
මනෝ වෛද්‍ය උපදේශිකාවක් ලෙස මේ වන විට ඔබේ භූමිකාව සිදුවන්නේ කෙසේ ද?
එම අංශයෙනුත් මගේ කටයුතු ඉදිරියට කරගෙන යනවා. මා තරුණ පරම්පරාව, කාන්තාවන් සහ ළමුන් සමඟ වැඩ කරමින් සිටිනවා. මේ වන තෙක් මා එම කටයුතු සමාජ මාධ්‍ය වෙත එක් කළේ නැහැ. එහෙත් ඉදිරියේදී මගේ උපදේශන සේවාවන් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වනවා. මානසික සුවය ලබා දීම තමයි මගේ අරමුණ.
රංගනයට සහ අධ්‍යාපනයට අමතරව 'House of Salga' නමැති නව කටයුත්ත සමඟ ව්‍යවසායිකාවක් ලෙස ඉදිරියට යාමට ද ඔබ බලාපොරොත්තු වන්නේ?
'House of Salga' හරහා මා සිදු කරන්නේ ඉන්දියාවෙන් කුර්තා ආනයනය කිරීමයි. ඉදිරියේදී එය 'House of Salga Pvt Limited' ලෙස ආරම්භ කිරීමට බලාපොරොත්තු වනවා. මගේ අභ්‍යන්තරයේ සිටින කලාකාරිනිය එළියට ගත හැකි ආකාරයේ කලාත්මක දේවල් තමයි මා ඒ හරහා මගේ රසිකයන් සමඟ බෙදා ගන්නේ. මගේම සන්නාමයක් සමඟ ව්‍යවසායිකාවක් ලෙස ඉදිරියට පැමිණීමට මට අවශ්‍ය වුණා.
ජීවිතයේ ඔබේ ඉලක්කය කුමක් ද?
මට විශාල ඉලක්ක නැහැ. මා කැමැති ගඟක් මෙන් ගලාගෙන යන ජීවිතයකටයි. එලෙස ජීවිතය ගලා යන අතරතුර හමුවන සුන්දර දේවල් භාරගෙන, කටුක දේවල්වලට මුහුණ දෙමින් ඉතා හොඳින් ජීවත් වීමයි මගේ අපේක්ෂාව. කලාකාරිනියක් ලෙස රටට සහ මගේ ප්‍රේක්ෂකයන්ට යමක් ලබා දී යාම මගේ අරමුණයි. මා වර්තමාන මොහොතේ ජීවත් වීමට උත්සාහ කරන කෙනෙක්. අද මා කරන දෙයට මගේ උපරිමය ලබා දී, හෙට කරන දෙය ඊටත් වඩා හොඳින් කිරීම තමයි මගේ පිළිවෙත.
ENGLISH SUMMARY: Popular Sri Lankan actress Wageesha Salgado recently spoke about her busy career across television, cinema, counseling, and entrepreneurship. Currently appearing in three contrasting teledrama roles, she plays Nehara, a Westernized Colombo character in Sirasa TV's Neela Samanali; Dulmi, her first-ever tomboy role directed by Niwantha Prasara in ITN's Meesha; and Ruwani, an artistic role in Rupavahini's Gaanu Pirimi Mal Palathuru. Reflecting on her previous work in Divithura, Rajini, and Lanwee, Salgado expressed happiness over portraying diverse characters simultaneously. On the film front, she has completed shooting five movies—including three Tamil films—is currently filming her sixth, and is in discussions for her seventh. She noted that her appearance and fluency in Tamil have earned her more invitations in Sri Lankan Tamil cinema, though she values contributing equally to both Sinhala and Tamil films. Beyond acting, Salgado continues her work as a psychological counselor supporting youth, women, and children, with plans to expand her services through social media. She is also growing her fashion venture, House of Salga, which imports kurtas from India, with plans to register it as House of Salga Pvt Limited.