අලුත උපන් සිය බිළිඳු පුතු වැඩිහිටියෙකුගේ ඇඟිලි අල්ලාගෙන සිටින ඡායාරූපයක් පළ කරමින් ඔවුන් දරුවාගේ නමද ප්‍රකාශයට පත් කළහ. ඒ අනුව ඔවුන් සිය පුතුට දේව් නිදිමෝරු (Dev Nidimoru) ලෙස නම් තබා ඇත. "අපේ සුන්දර පුංචි පුතා. දේව් නිදිමෝරු. 19.11.2026. අපේ හදවත් කවදාටත් වඩා සතුටින් පිරී ඇත" යනුවෙන් ඔවුන් එම සටහනේ සඳහන් කර තිබුණි.
සමන්තා සහ රාජ් 2025 දෙසැම්බර් මාසයේදී විවාහ දිවියට ඇතුළත් වීමත් සමඟ ඔවුන්ගේ සම්බන්ධතාව නිල වශයෙන් තහවුරු විය. සම්ප්‍රදායික හා ආධ්‍යාත්මික චාරිත්‍රවලට මුල්තැන දෙමින් ලිංග භෛරවී කෝවිලේදී ඉතා චාම් අයුරින් ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්විණි. එතැන් සිට ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ නව පරිච්ඡේදය පිළිබඳව රසිකයෝ නිරන්තර අවධානයෙන් පසුවූහ.
සමන්තා සිය ගැබිනි බව පළමු වරට නිවේදනය කළේ පසුගිය ජුනි 24 වනදා හයිද්‍රාබාද්හි පැවති 'මා ඉන්ටි බංගාරම්' (Maa Inti Bangaaram) තෙළිඟු චිත්‍රපටයේ සාර්ථකත්වය සැමරීමේ උත්සවයේදීය. එම ක්‍රියාදාම චිත්‍රපටයේ 'තස්සදියා' (Thassadiya) ගීතය රූගත කරමින් සිටියදී තමා ගැබ්ගෙන ඇති බව දැනගත් බව ඇය පසුව අනාවරණය කළාය.
එම චිත්‍රපටයට සම්බන්ධ වී සිටි චිත්‍රපට අධ්‍යක්ෂිකා නන්දිනී රෙඩ්ඩි සිහිපත් කළේ රූගත කිරීම් අතරතුර කණ්ඩායම සමන්තා පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වූ බවයි. ඇයට ප්‍රමාණවත් විවේකයක් ලබා දීමටත්, වෙහෙසකර කාලසටහන් මඟහැරීමටත්, අධික හිරු එළියට නිරාවරණය වීම වැළැක්වීමටත් කණ්ඩායම වගබලා ගත් බව ඇය සඳහන් කළාය.
පසුගිය සැප්තැම්බර් මාසයේදී සමන්තා සහ රාජ් සිය සමීපතමයන් සමඟ එක්ව සම්ප්‍රදායික බේබි ෂවර් උත්සවයක්ද සැමරූහ. එම උත්සවයද පැවැත්වුණේ ඔවුන් විවාහ වූ ලිංග භෛරවී කෝවිලේදීමය. එහි අවස්ථා කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගනිමින් සමන්තා කියා සිටියේ ඉන්දීය සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායික පිළිවෙත් තුළ ඇති ගැඹුරු අර්ථය කෙරෙහි තමා තුළ දැඩි විශ්වාසයක් පවතින බවයි.
ENGLISH SUMMARY:
Indian actress Samantha Ruth Prabhu and filmmaker Raj Nidimoru have welcomed their first child together, a baby boy named Dev Nidimoru, born on November 19, 2026. The couple announced the birth on Instagram by sharing a photograph of their newborn holding an adult's fingers along with a brief note expressing their joy. Samantha Ruth Prabhu and Raj Nidimoru married in December 2025 in an intimate traditional ceremony at the Linga Bhairavi Temple. Samantha had earlier announced her pregnancy on June 24 during the Hyderabad success meet of her Telugu film Maa Inti Bangaaram, revealing she discovered the news while filming the song Thassadiya. Filmmaker Nandini Reddy noted that the crew took special care of her during the shoot by ensuring adequate rest and avoiding strenuous schedules and excessive sunlight. In September, the couple also held a traditional baby shower at the Linga Bhairavi Temple with close loved ones.