ආදරයට වසරක් පිරීම නිමිත්තෙන් රුක්ශානා දිසානායක මුහුණු පොතේ තැබූ සංවේදී සටහන

gossiplanka image 1
 ජනප්‍රිය රංගන ශිල්පිනි රුක්ශානා දිසානායක සිය මුහුණු පොතේ පළ කළ ආදරණීය සටහනක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ.


සිය ආදර සම්බන්ධතාවයට හරියටම වසරක් සපිරීම සහ ඔවුන් දෙදෙනා දිගු කලක් බලාපොරොත්තුවෙන් සිටි හමුවීම උදා වීම නිමිත්තෙන් ඇය මෙම සටහන තබා ඇත. එහිදී සිය පෙම්වතාගේ ආදරය, රැකවරණය සහ විශ්වාසය ඇය ඉහළින්ම අගය කර තිබේ.


රුක්ශානා දිසානායක සිය මුහුණු පොතේ තැබූ එම සම්පූර්ණ සටහන පහත පරිදි වේ.


"කවුරුත් මේ කතාව විශ්වාස කරන එකක් නෑ.. හරියටම අවුරුද්දක් අපි දෙන්නාගෙ ආදරේට.. කොච්චර නම් පෙරුම්පිරුවද අපි දෙන්නා මුනගැහෙන්න.. ඒ දවස උදාවුනා...


ආදරේ කියන බැදීම හිත් වලින් කොච්චර ශක්තිමත් වෙන්න ඕනිද කියලා මම දැනගත්තෙ ඔයාගෙන්. අපි දෙන්නාගෙ හදවතින් තිබ්බ බැදීම අවුරුද්දක්. හැබැයි ඔයා එක තප්පරයක්වත් මාව තනිකරලා නෑ. එක විනාඩියක්වත් මට දුකක් වේදනාවක් දීලා නෑ. එක දශමයක්වත් මගෙ විශ්වාසෙ කඩකරලා නෑ. සමහර මිනිස්සු මොනවද ආදරේ ගැන දන්නෙ. ඔයාගෙ ආදරේ එක්ක බලද්දි. මම හැමදාමත් කියනවා වගේ මම තමයි මේ ලෝකෙ වාසනාවන්තම මනුස්සයා. ඔයා වගේ මනුස්සයෙක් මගෙ වෙන්න මම මොනතරම් පිනක් කරලා ඇතිද? හැම ගෑනු ළමෙක්ටම ලැබෙන්න ඕනි ඔයා වගේ කෙනෙක්. ඒකයි මගෙ එකම ප්‍රාර්ථනාව"


ENGLISH SUMMARY: Popular Sri Lankan actress Rukshana Dissanayake has drawn widespread attention on social media after sharing a heartfelt note on her Facebook account celebrating the first anniversary of her romantic relationship. In the post, she noted that the long-awaited day for the two of them to finally meet had arrived after a year of sharing a deep emotional bond. Expressing her gratitude, Rukshana Dissanayake praised her partner for never leaving her alone, never causing her pain, and never breaking her trust. Describing herself as the luckiest person in the world, the actress added that her only wish is for every girl to find someone as supportive and loving as her partner.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post