බෝවිටියා මල් ලියපු – Ravi Jay

gossiplanka image 1
 

සින්දුව ලිව්වේ නන්දා මාලිනී මිස්ව ඔළුවේ තියාගෙනමේ කතාව චිත්‍රපටයකට ගේනවා


බෝවිටියා මල් හුළඟෙ වැනෙන කොටකෙවිට තියාපන් අහකින්කබරගොයිත් දැක නියර උඩින් පැනදුවල වරෙන් මලේගෝවින්දා නේ කඳු මැද්දෙන්වහින්නත් වගේ//


නිපුනි ශාරදාගේ හඬින් මේ දිනවල නිතර ඇහෙන මේ ගීතයේ පද රචකයා වගේම සංගීතඥයා Ravi‍ Jay මේ ගීතයට නිර්මාණය වුණ මිලියන ගණනාවක් යූ ටියුබ් නැරඹුම් වාර ඇති’ රූප රචනාවේ ද අධ්‍යක්‍ෂවරයා ඔහුයි’ ඒ විතරක් නෙමෙයි කැමරා අධ්‍යක්‍ෂවරයාත් Ravi Jay ඔහු කවුද? ඉතින් අපි ඔහු කවුද කියලා තමයි මෙවර මීවිතෙන් කියන්න හදන්නේ’ අපිත් එක්ක කතාවට එකතු වුණු මේ දවස්වල හැමෝම වගේ පිස්සුවෙන් වගේ අහන බෝවිටියා මල් හදපු Ravi Jay මේ වැඩේට එකතු වුණු පාරමී කෞෂල්‍යා නංගිවත් කුමිත මල්ලිවත් Drone Amre වත් අමතක කළේ නැහැ’


හැමෝම කතාවෙන අහන ‘බෝවිටියා මල්’ හැදුනේ කොහොමද?


ඇත්තටම අක්කා සහ මල්ලී අතර තියෙන සම්බන්ධතාව උඩ තමයි’ “බෝවිටියා මල්” ගීතය නිර්මාණය වෙන්නේ’ ඔය කතාවේ අක්කගෙයි මල්ලිගෙයි අම්මා රට’ නමුත් මම මේ පද රචනය ඇතුළේ ඒක කියන්නේ නැහැ’ මොකද ඔය කතාවේ දෙවැනි කොටසක් තියෙනවා’ ඒ කොටසේ ආරම්භය තමයි ‘බෝවිටියා මල්’’ බෝවිටියා මල් ගීතයේ හරිම අර්ථය වගේම මේ චරිත දෙකට මොකද වෙන්න යන්නේ කියන සියල්ල තියෙන්නේ ඊළඟට එන්න තියෙන කතාවේ’


ඒ කියන්නේ ‘බෝවිටියා මල්’ 2 කියලා ගීතයකුත් එනවාද?


ඇත්තටම ඔව්’ ඒ කතාවේ නම ’උරුවම්බා’ ඒ ‘උරුවම්බා’ කියන කතාව ඇතුළේ තියෙන ගීතයක් තමයි බෝවිටියා මල් කියලා කියන්නේ’ එතකොට මම ඒකෙ කතාව නවකතාවක් විදිහට ලියලා ඉවරයි පැය එකහමාරක දෙකක විතර කතාවක් තමයි ඇත්තටම තියෙන්නේ’ එක්කෝ ඒක නවකතාවක් විදිහට එළියට එන්නත් පුළුවන්” නැතිනම් චිත්‍රපටයක් වෙන්නත් පුළුවන්’


‘බෝවිටියා මල්’ කියලා චිත්‍රපටයකුත් නිර්මාණය වෙනවා?


ඔව්’ චිත්‍රපටයේ නම ‘උරුවම්බා’ බෝවිටියා මල් කියන්නේ ඒ කතාව ඇතුළේ තියෙන ගීතයක්’


මේ කතාව Ravi Jay ගේ පෞද්ගලික ජීවිත අත්දැකීමක්ද?


ඉස්සර මගේ අම්මා ලේඛිකාවක්’ එයාගේ නම චාන්දනී ජයසූරිය’ මම මේ ගීතය නිර්මාණය කරලත් මුලින්ම දුන්නේ අම්මට’ ඉතිං අපේ අම්මා එකපාරටම ඇඬුවා’ මම අම්මට කිව්වා මේ වැඩේ කියන්න තෝරාගෙන ඉන්නේ නිපුනි ශාරදාව කියලා’ මොකද මම මේ කරන්න හදන්නේ සින්දුවක් නෙමෙයි’ සම්භාව්‍ය ප්‍රකාශනයක්’ මෙහි පෙළක් තැන් තියෙනවා උච්ච ස්වරයෙන් වගේම මධ්‍ය ස්වරයෙන් ගායනා කරන තැන්’ ඉතිං මේ පද පෙළ ලියලා ඒක කියන්න පුළුවන් ගායිකාවක් මම අවුරුදු ගණනාවක් තිස්සේ හෙව්වා’ ඒ හොයන කොට මම නන්දා මාලනී මහත්මියට තමයි ආසාවෙන් හිටියේ’ ඉතිං නන්දා මාලනී මහත්මියව මට සම්බන්ධ කරගන්නත් අමාරුයි වගේම එතුමිය මේ වෙලාවේ මොන වගේ සිතුවිල්ලක ඉන්නවාද කියන්නත් දන්නේ නැහැනේ’ එයා අකමැති වෙයි කියන බයටත් එක්ක තමයි නිපුනි නංගිව තෝරා ගත්තේ’ මම ඇත්තටම සින්දුව ලිව්වේ නන්දා මාලනී මහත්මියව ඔළුවේ තියාගෙන’


ඇත්තම කතාව බෝවිටියා මල් ගීතයත් එක්ක ‘‍Ravi Jay” කියන්නේ කවුද කියලත් හොයන්න පටන් ගන්නවානේ?


මම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හැදෑරුවේ පාදුක්ක සිරි පියරතන විiාලයෙන්’ පහ වසර වෙනකම් ගියේ ලියන්වල ආනන්ද සමරකෝන් විද්‍යාලයට’ ඒකෙ හිටියා ගෝවින්ද කියලා කොල්ලෙක් ඉතිං ඒ ගෝවින්දට හිටියා හරක් පට්ටියක්’ ඒකත් මගේ ඔළුවේ තිබ්බා’ ලියන්වල ඉස්කෝලෙට එන්න කලින් මම ජීවත්වුණේ මාතලේ’ ඒ ගෙවුණු කාලය හරිම සුන්දරයි’


එතකොට සංගීතයට යොමු වුණේ කොහොමද ඊට කලින් රස්සාවල් එහෙම කළා ද?


මට පුංචි කාලේ ඉඳලා චිත්‍ර ඇඳීමේ හැකියාවක් තියෙන හින්ද අම්මා ආසාවෙන් හිටියේ චිත්‍ර ගුරුවරයෙක් වෙනවා දකින්න’ මට ඕනෑ වුණේ නැහැ ගුරුවරයෙක් වෙන්න’ මට ඕනෑ වුණේ සිනමාකරුවෙක් වෙන්න’


ඉතිං උසස් පෙළින් පස්සේ අපේ අම්මා මාව ග්‍රැෆික් ස්කූල් එකකට දැම්මා’ ගුරුපත්වීමක් ලබාගන්නවා කියන අම්මාගේ අදහස පැත්තකින් තියලා


නුගේගොඩ ටෙලි වීව් ආයතනයෙන් ග්‍රැෆික් ඉගෙන ගත්තා’ ඊට පස්සෙ හැමදේම online හරහා ඉගෙන ගත්තා’ මේ තැනට එන්න පාරක් හොයාගන්න තමයි ට්‍රයි කළේ’ ඊට පස්සෙ මම රස්සාවල් කීපයක්ම කළා’ ඔය අතරේ අපි ඉස්කෝලේ සෙට් එක එකතු කරගෙන පොඩි බෑන්ඩ් එකකුත් පටන් ගත්තා’ මුලින්ම හදපු සින්දුව මටත් අහන්න බැරි හින්ද යුටියූබ් එකට පවා දැම්මේ නැහැ ඔහොම ගිහිල්ලා අන්තිමේ මගේ හීනයට ආවා’


කාලයක් Colombo නාට්‍යයෙ රඟපෑවා?


ඒක මට අහම්බයෙන් හමුවුණ දෙයක්’ චමිල් පතිරණ අයියා මාව ගොඩක් කාලයක ඉඳලා දන්නවා’ ඔහුගේ ආරාධනාවක් අනුව තමයි රඟපෑවේ’ එතැනදී මට දර්ශන් ධර්මරාජ් අයියව හම්බවෙනවා’ ඔහු තමයි කිව්වේ ‘මල්ලි උඹට දෙයක් පුළුවන්” එතැනට මහන්සි වෙයං කියලා’ අන්තිමේ මම රංගනය සහ අධ්‍යක්‍ෂණය පිළිබඳව කාලයක් අධ්‍යයනයක යෙදුණා’


Ravi Jay කියන්නේ ඔබේ ඇත්ත නම ද?


මගේ ඇත්ත නම J. R. රවී ජයවර්ධන.


Ravi Jay වැඩිපුර ප්‍රසිද්ධ රැප් ආර්ටිස්ට් කෙනෙක් විදිහට?


මනුස්සයකුට දැනෙන දෙයක් Rap එකකින් කියන්න පුළුවන් කියන තැන මම හිටියා’ මම පටන් ගත්ත කාලේ ඍ්ච ගැන තිබුණේ දරුණු අදහසක්’ නමුත් මම පුංචි කාලේ ජීවිතයේ ලබපු අත්දැකීම් එක්ක මට Rap ගැන තිබුණේ වෙනම කතාවක්’ ඉතිං මට හිතුණා ඍ්ච එකකින් අපේ ජීවිත කතාව අපේ මතිමතාන්තර ලස්සනට ප්‍රකාශ කරන්න පුළුවන් කියලා’ අන්තිමේ මම එළියට ආවේ Rapper කෙනෙක් විදිහට’ නමුත් මගේ ඇඟේ ඊට වඩා දෙයක් තියෙනවා’ ඒ ටික එළියට දාගන්න ඕනෑ කියන තැනයි මම හිටියේ’ Rapper කියන චරිතය හරහායි මුලින්ම Ravi Jay කියන චරිතය එළියට එන්නේ’ Rap කලාවට මම ගෞරව කරනවා’


බෝවිටියා මල් නිර්මාණය කළාට පසුව ලැබුණේ මොන වගේ ප්‍රතිචාරද?


කියලා නිමකරගන්න බැරි ගාණට මට ප්‍රතිචාර ලැබුණා’ ඇත්තටම මම හිරවෙලා ඉන්නේ’ මිනිස්සු මේක ගැන බලාගෙන ඉන්න හින්ද දෙවැනි කොටස ඉක්මනට කරන්න ඕනෑ’ මම කාලයක් තිස්සේ ප්‍රසංගවලට සහභාගි වෙනවා’ අපි කොන්සර්ට් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා’ ලබන අවුරුද්දේ අපේම කොන්සර්ට් එකකින් මේ වැඩේ එළියට එනවා’ මම හිතන්නේ නිපුනි නංගිටත් මාර විදිහට බෑන්ඩ්වලින් කතා කරලා තිබුණා’ එයාටත් ඕනෑ කරලා තියෙන්නේ කොන්සර්ට් එකකින් මේක එළියට අරගෙන යන්නයි’


බෝවිටියා මල් කියලා කොන්සර්ට් එකකුත් ඒවි ද?


බෝවිටියා මල් කියන ගීතය අපේ එන්න තියෙන කොන්සර්ට් එකේ ප්‍රධාන ගීතය වේවි’


මේ ගමන එද්දී ජීවිතයේ මුහුණ දුන් අභියෝග ප්‍රශ්න එහෙම තියෙනවාද?


මම හිතන්නේ ජීවිතයේ ප්‍රශ්න නැති මනුස්සයෙක් නැති තරම්නේ’ අපි මොකක් හරි දෙයකට උත්සාහ කරන කොට ප්‍රශ්න තමයි එන්නේ’ මමත් එක්තරා ගමනක් පසුකරගෙන ආපු මනුස්සයෙක්’ මගේ සිහිනය එළියට දාගන්න මම ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා’ ප්‍රශ්න ගොඩක් මැද්දේ තමයි අපි මේ ගමන යන්නේ’


මේ වෙනකොට මගේ යාළුවො කීපදෙනෙක්ම නැතිවුණා’ ගමෙන් කොළඹ ආවට පස්සේ මම ආශ්‍රය කළේ එච්චර හොඳ මිනිස්සු නෙමෙයි’ මම ඒ සමාජයෙන් ඈත්වෙලා තමයි කලාවට යොමු වුණේ’ අනික මම දැක්ක දේවල් කවදාවත් රැප් එකකටවත් දාන්න කැමැති නෑ’ මොකද මම දැක්ක දේවල් මිනිස්සු දකින්න ආස දේවල් නෙමෙයි’ මගේ ඉස්සරහ මිනිස්සු මැරිල වැටිලා තියෙනවා’


Ravi Jay ව දැක්කහම බාහිර ස්වරූපයෙන් වෙනස්ම චරිතයක් කියලා කෙනකුට හිතෙන්න පුළුවන්’


මම කියන්නේ නැහැ මම හොඳ මනුස්සයෙක් කියලා’ ඒක ප්‍රයෝගික නැහැ’ මම බොහොම නරක මනුස්සයෙක්’ මට ආදරේ කරන එවුන්ට මම පැළෙන්න ආදරය කරනවා’ හොඳ වගේම නරකත් මගේ පැත්තේ තියෙනවා’


Ravi Jay බෝවිටියා මල් වගේ ගීතයක් ලියාවි ද කියලත් කෙනකුට හිතෙන්න පුළුවන්?


ඇත්තටම මිනිස්සුන්ට ඔහොම ප්‍රශ්නයක් තියෙනවා’ මගේ ස්වරූපය දැක්කහම ගැලපීමක් නැහැ’ එළියෙන් බලන දේ සහ ඇතුළෙන් පෙනෙන දේ තනිකරම වෙනස්’ මගේ පෙනුම රෞද්‍ර වුණාට මා ළග සුන්දර පාට පාට මනුස්සයෙක් ඉන්නවා’


පොඩි කාලෙ චණ්ඩිකම් එහෙම කරලා තියෙනවාද?


මම චුට්ටක් එච්චර හොඳ මනුස්සයෙක් නෙමෙයි’ මම හොඳටම රස්තියාදු ගහපු මනුස්සයෙක්’ හැබැයි ඒ කාලෙ ඉඳලා මට වෙන්න ඕනෑ කවුද කියල අවබෝධයක් තිබුණා’ මම ඒ හින්දා මිනිස්සුත් එක්ක හොඳට පිස්සු කෙළියා’ අපේ අම්මා විතරයි මම ගැන දැනගෙන හිටියේ’ තාත්තා ට්‍රයි කළේ මාව හමුදාවට දාන්න’ මගේ සීයා ලංකාවේ පළමුවැනි හමුදා සෙබළුන්ගෙන්” පළමුවැනි සාමාජිකයන්ගෙන් එක්කෙනෙක්’ තාත්තා පැවත එන්නේ මිලිටරි පරම්පරාවකින්’ ඒ පවුල් පසුබිම් දෙකෙන්ම මට කලාව ලැබුණා’ බෝවිටියා මල් කියන්නේ මගේ ජීවිතයේ හොඳ පටන්ගැනීමක්’ ජීවිතයේ තව කරන්න හොඳ වැඩ ඉස්සරහට තියෙනවා’

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post