1. සචින් මේ දවස්වල මොකද කරන්නෙ ?
රංගන කටයුතු එක්කයි මම දැන් වැඩිපුර කාලෙ ගෙවන්නෙ. මේ දවස්වල අහංකාර ආදරේ හරහා රසිකයො අතරට එනවා. ඊට අමතර මම රගපාන තවත් ටෙලිනාට්යයක් ලබන මාසෙ ඉදලා විකාශය වෙන්න තියනවා. පුංචි තිරයෙන් එහාට ගිහින් අලුත් සිනමා නිර්මාණ දෙකකටත් සම්බන්ධ වුණා. ඒ දේවල් එක්ක තමයි මම මේ දවස්වල කාලෙ ගතකරන්නෙ.
2. සචින්ගෙ රංගන ජීවිතය අහංකාර ආදරෙන් අලුත් වෙලා නේද ?
ඔව්. අහංකාර ආදරේ එක්ක මගේ රංගන ජීවිතය අලුත් වෙලා තියනවා. අහංකාර ආදරේ අධ්යයක්ෂක සමීර හසුන් කියන්නෙ කවදත් ඉහල ප්රමිතියේ ටෙලිනාට්ය නිර්මාණය කරන අධ්යක්ෂකවරයෙක්. ඉතින් සමීර අයියට ඕන වුනා මේ තාක් ප්රේක්ෂකයො නරඹලා නැති දැන් කාලෙට ගැලපෙන කුතුහලය පිරිච්ච ටෙලි නිර්මාණයක් කරන්න. සමීර අයියගේ ඒ සංකල්පය මත තමයි අහංකාර ආදරේ නිර්මාණය වුණේ. ඉතින් අහංකාර ආදරේ ටෙලිනාට්යයේ අංජනගෙ චරිතය හරහා මේ තාක් මම කොටුවෙලා හිටපු රාමුගත චරිත රැල්ලෙන් මිදිලා වෙනස්ම නළුවෙක් විදිහට ප්රේක්ෂකයො අතරට එන්න පුළුවන් වුණා.
3. අංජලී එක්ක අහංකාර ආදරේක පැටළුන අත්දැකීම කොහොමද ?
මෑත කාලයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට අංජලීව හදුන්වන්න මම කැමතියි. හැබැයි අංජලී අහංකාර ආදරේ ටෙලිනාට්යයට සම්බන්ධවෙන්න කලින් ප්රේක්ෂකයො අංජලීගේ රංගන හැකියාව ඒ තරම් අදුරගෙන තිබුනා කියලා මම හිතන්නෙ නැහැ. අහංකාර ආදරේ නිර්මාණය කරන්න සැරසෙද්දී සමීර අයියා ඇතුලු අපේ නිෂ්පාදක කණ්ඩයමේ අදහස වුනේ blast එකක් වෙලා ඉන්න නිලියක් අරගෙන අහංකාර ආදරේ කරනවට වඩා එච්චර ප්රසිද්ද නැති නිලියක්ව අරගෙන අහංකාර ආදරේ තුළින් blast එකක් කරනඑක වටිනවා කියලා. ඉතින් ඒ අදහසට අනුවයි අංජලීව අහංකාර ආදරේට සම්බන්ධ කරගන්නෙ.අංජලීව අහංකාර ආදරේට සම්බන්ධ කරගැනීමත් එක්ක ලස්සන ආදර කතාවක් රසිකයො ඉදිරියට ගෙන්න අපිට පුළුවන් වුණා. මේ විදිහට අංජලී එක්ක අහංකාර ආදරේක පැටළුන අත්දැකීම ගොඩක් මිහිරි අත්දැකීමක් විදිහට මට මේ දවස්වල දැනෙනවා.
4. අහංකාර ආදරේ අංජනට වගේ සචින්ටත් ජීවිතය ගැන හීන තියනවද ?
ඔව්. අහංකාර ආදරේ අංජනට ජීවිතය ගැන හීන තියනවා වගේම මටත් ජීවිතය ගැන හීන තියනවා. ඒ තමයි චරිතාංග නළුවෙක් විදිහට රංගන ක්ෂේත්රයේ ඉහලට ගිහින් ජීවිතය දිනන්න. ඒ අතරතුරේ තිර රචකයෙක් විදිහට රසිකයො අතරට එන්නත් ගොඩක් කාලෙක ඉදලා මගේ බලාපොරොත්තුවක් තියනවා. ඒ බලාපොරොත්තුව ඉෂ්ඨකරගනිමින් මම තිර රචනය කරන කොටස් 60 ක විතර ටෙලිනාට්යයකින් ලබන අවුරුද්දෙදි රසිකයො අතරට එන්න සූදානමින් ඉන්නවා. ඉතින් මම හැමදාම හීන දැක්කෙ මාව දිනවන්න. මේ වෙද්දි ඒ හීනෙ සැබෑ කරගනිමිනුයි මම ඉන්නෙ.
5. ජීවිතය එපා වුන තැන් තිබිලා නැද්ද ?
අනේ නැහැ. හැබැයි ජීවිතයේ විවිද හැලහැප්පීම් වලට මම මුහුණ දීලා තියනවා. මම සම්බන්ධව විවිද කටකතා හැදුන අවස්ථා, මට රගපාන්න ලැබුන චරිත වෙනත් පුද්ගලයො උදුරගත්ත අවස්ථා, මට හිමිවෙලා තිබුන දේවල් අහිමිවුන අවස්ථා වැනි දේවල්වල මම මුහුණ දීලා තියනවා. මේ හැම මොහොතකදිම මගේ අදහස වුනේ මට එක දොරක් වැහෙනවා නම් ඉදිරියෙදි තව දොරවල් රැසක් ජීවිතයේදි මට විවෘත වෙයි කියලා. ඉතින් ඒ වෙනුවෙන් නොසැලෙන අධිෂ්ඨානයෙන් ජීවිතය ජයග්රහණය කිරීමේ බලාපොරොත්තුවෙන් ජීවිතය එක්කම මම රැදිලා ඉන්නවා.
6. ජීවිතයේ වුන හැලහැප්පීම් වලදි සචින්ගේ අම්මාගෙන් ශක්තියක් ලැබෙන්න ඇති නේද ?
ඔව්. මගේ පවුලෙ ඉන්නෙ අම්මයි අක්කලා තුන්දෙනයි. තාත්තා මේ වෙද්දි ජීවතුන් අතර නැහැ. ඉතින් මම පවුලෙ එකම පිරිමි දරුවා නිසා අම්මයි අක්කලා තුන්දෙනයි මට ලොකු සහයෝගයක් දෙනවා. විශේෂයෙන් මගේ අම්මා මට ජීවිතය ජය ගන්න හැමදාම ආශිර්වාද කළා. රංගන ක්ෂේත්රයට එන්න කලින් මම පුංචි පුංචි රැකියා කළා. ඒ හැම අවස්ථාවකදිම අම්මා සහයෝගය දුන්නා මිසක බලපෑම් එල්ල කෙරුවෙ නැහැ. මට රංගන ක්ෂේත්රයට සම්බන්ධවෙන්න ඕන කියනකොට අම්මා කිව්වෙ මගේ සාර්ථකත්වය වෙනුවෙන් මේ අම්මා ඉන්නවා. රංගන ක්ෂේත්රයේ ඉදිරියට ගිහින් දක්ෂ නළුවෙක් වෙන්න කියලා. අද වුනත් රූගතකිරීම් වලට යනකොට මගේ අම්මා හැමදාම මලක් මගේ වාහනේ තියන බුදු පිළිමෙට පූජා කරලා මට පරිස්සමින් ගිහින් එන්න කියලා ආශිර්වාද කරනවා.නළුවෙක් වෙලා මම යන ගමනෙදි මගේ සාර්ථකත්වය ගැන හීනයක් මගේ අම්මට තියනවා. ඒ හීනෙ නොහොමහරි සැබෑ කරනවා කියන අදහසෙයි මම ඉන්නෙ.
7. සචින් ආත්මාර්තකාමි මනුස්සයෙක් කියලා සමහරු සමාජ මාධ්යවල කතාබහ වෙනවා. මේ ගැන සචින්ගේ අදහස මොකක්ද ?
මම ඒ කතාව ප්රතික්ෂේප කරනවා. හිතේ කහටක් නැතුව හැමෝම එක්ක සුහදව ජීවත්වෙන්න කැමති පුද්ගලයෙක් විදිහටයි මම මාව දකින්නෙ.
8. සචින් දැන් තනිකඩ ජීවිතයක්ද ගතකරන්නෙ ?
ඔව්. මම දැන් තනිකඩ ජීවිතයක් ගතකරන්නෙ.
ආදරය කියන්නෙ හොද අත්දැකීමක්. හැබැයි මම දැන් කැමති තනිකඩව ඉන්න.
9. ආදරය ගැන කලකිරීමෙන්ද ඉන්නෙ ?
අනේ නැහැ. මම කැමතියි ඔළුවෙ එක අරමුණක් තියාගෙන රංගන කටයුතු වෙනුවෙන් කාලෙ වෙන් කරන්න. ප්රේම සම්බන්ධතා ඔළුවෙ තියාගත්තහම රංගනය හරියාකරව කරන්න බාදා එල්ලවෙනවා. ඒ නිසා මම තනිනඩ ජීවිතයක් ගතකරන්න තීරණය කළා.
10. සචින් ආදරයෙදි බලාපොරොත්තුවෙන්නෙ මොනවද ?
ආදරය සහ අවංකකම තමයි මම වැඩිපුර බලාපොරොත්තු වෙන්නෙ. අපි හැමෝම සර්වසම්පූර්ණ මිනිස්සු නෙමෙයි. ඉතින් ජීවත්වෙනකොට වැරදි අඩුපාඩු වෙනවා. ඒ දේවල් කතාබහ කරලා හදාගෙන සහයෝගයෙන් ජීවත්වීම ආදර සම්බන්ධතාවයකදි මම බලාපොරොත්තු වෙනවා.
ලක්ෂාන් ජයසූරිය