චරිතාංග නිලියක්වීම ගැන රෙබෙකා දිල්රුක්ෂි කියපු දේ

gossiplanka image 1
පුංචිතිරයේ චරිතාංග රංගනශිල්පිනියක් විදිහට ප්‍රසිද්ද රෙබෙකා දිල්රුක්ෂි මේ දවස්වල සංවරය, සිත් අතර හිස් තැනක්, බැද්දේගම ඇතුලු ටෙලිනාට්‍ය කීපයකින්ම ප්‍රේක්ෂකයො අතරට ඇවිත් ඉන්නවා. රෙබෙකා මේ සෑම නිර්මාණයකදිම අපූරු විදිහට රගපාන්නෙ කොහොමද කියලා දැනගන්න අපි හිතුවා රෙබෙකා එක්ක කතා කරන්න. 

1. මේ දවස්වල රෙබෙකාට ඉතා ඉහල ප්‍රතිචාර ලැබෙනවා කියලා ආරංචියි ? 

ඇත්තටම මේ දවස්වල ටෙලිනාට්‍ය කීපයක් විකාශය වෙනවා. ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කරන බැද්දේගම ටෙලිනාට්‍යයත් ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යයක්ෂණය කරන සිත් අතර හිස් තැනක් සහ සංවරය ටෙලිනාට්‍යයවල එකිනෙකට වෙනස් චරිතවල රංගනයෙන් දායකවෙනවා. පහුගියදා අවසන් වූ  පට්ටි ගෙදර ටෙලිනාට්‍ය මගේ රංගනයේ සුවි⁣ශේෂි හැරවුමක් වුණා. ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් තවමත් අඩුවක් නැහැ⁣.

2. පට්ටි ගෙදර රෙබෙකාට විශේෂ වෙන්නෙ ඇයි ? 

ලංකාවෙ පලවෙනි වතාවට එකම රංගනශිල්පිනිය එකම ප්‍රේම් එකක චරිත තුනක් රගදක්වපු භාග්‍ය මට පට්ටි ගෙදර හරහා ලැබුනා. මේ චරිත ත්‍රිත්වය ගැන සදහන්වුන පට්ටි ගෙදර පිටපත මුලින්ම මම කියවනකොට බය වුණා. ඒකට හේතුව වුනේ එකම ටෙලිනාට්‍ය තුළ චරිත තුනක් රගපානකොට නළුවට හානියක් වෙන්න පුළුවන් නිසා. චරිත තුනම වැඩියෙන් රගපෑවත් අවුල් වෙනවා. අඩුවෙන් රගපෑවත් අවුල් වෙනවා. ඒ නිසා මම පට්ටි ගෙදර අධ්‍යක්ෂක අනුෂ්ක එක්ක කතා⁣කරගෙන චරිත තුන වෙනවෙනම හදාගෙන සමබරව ගොඩනගා ගත්තා. මේ තාක් රගපාපු ටෙලිනාට්‍ය වලට වඩා පට්ටි ගෙදර රංගනය මට කොහෙන්වත් ගන්න බැරිවුන මාර වටින අත්දැකීමක් වුණා. 

3. පට්ටි ගෙදරින් පස්සෙ රෙබෙකා ආපහු ආන්දෝලනාත්මක චරිතයකින් සංවරය ටෙලිනාට්‍යයෙන් ප්‍රේක්ෂකයො අතරට ඇවිත් ඉන්නවා නේද ? 

ඔව්. ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යයක්ෂණය කරන සංවරය ටෙලිනාට්‍යයේ මම රගපාන්නෙ spa girl කෙනෙක්ගෙ චරිතය. අපේ ලාංකීය සමාජය තුළ ගැහැණු දුප්පත්කමෙන් සහ විවිද ප්‍රශ්න වලින් පීඩාවට පත්වුනහම ජීවිතය ගොඩදාගන්න හිතාගෙන පිවිසෙන්නෙ මුදලට ලිංගික ශ්‍රමය අලෙවි කරන spa කර්මාන්තයට. ලාංකීය සමාජයේ එක් පැතිකඩක් මේ විදිහට රංගනයෙන් ඉදිපත්කරන්න ලැබීම ගැන මම සතුටු⁣ වෙනවා. 

4. Spa girl කෙනෙක් වැනි චරිත ලාංකාවෙ ප්‍රේක්ෂ⁣කයො ඉදිරියේ රගපෑම අවදානමක් නැද්ද ? 

සංවරය ටෙලිනාට්‍යයේ රගපාන spa girlගේ චරිතය විතරක් නෙමෙයි රගපාන හැම චරිතයකදිම මට අවදානමක් දැනෙනවා. ගොඩක් දුරට නිර්මාණවලදි අපි රගපාන්නෙ සමාජයේ ජීවත්වෙන චරිත හෝ සමාජයේ නැති මනක්කල්පිත චරිත. ඉතින් මේ චරිතවලට අනන්‍යවුන හැඩයක් ස්භාවයක් තියනවා. සමහරවෙලාවට මේ චරිත සමාජය පිළිගන්නෙ නැති අඩු සැලකිලි ලැබෙන චරිත වෙන්නත් පුළුවන්. ඉතින් මගේ අනන්‍යතාවයෙන් බැහැරවෙලා වෙනත් කෙනෙකුගේ චරිතයකින් ප්‍රේක්ෂකයො ඉස්සරහට යනවා කියන්නෙම එතන ලොකු අවදානමක් තියනවා. මම නිර්මාණ ඇතුලෙ විවිද චරිත රගපාන වෘත්තිය රංගනශිල්පිනියක්. මේ අවදානම දරන්න බලාපොරොත්තුවෙන් සහ සූදානමින්ම තමයි මම වෘත්තිය රංගනශිල්පිනියක් වුණේ. 

5. ඕනෑම චරිතයක් සාර්ථකව රගපාන්න පුළුවන් විදිහට රංගන හැකියාව ගොඩනගාගත්තෙ කොහොමද ? 

මම රංගනය පිළිබදව විශ්වවිද්‍යාලයක ඉ⁣ගෙනගත්තා. රගපාන්නෙ කොහොමද කියලා මම න්‍යායාත්ම සහ ප්‍රායෝගිකව හදරාලා තියනවා. රංගනය ඉගෙනගන්නවත් සමග මම පුද්ගල සමාජ හැසිරීම සම්බන්ධව අධ්‍යයනය කරන්න පුරුදු වුණා. සමාජයේ ජීවත්වෙන පුද්ගලයො හදුනාගෙන ඔවුන්ගේ මනෝබාවය සහ හැසිරීම වටහා ගැනීම තුළිනුයි මට ගැඹුරු රංග පරාසවලට යන්න පුළුවන්වුන හැකියාව ලැබුනෙ. 

6. ස්ථාවර රංගනශිල්පිනියක් විදිහට තත්වය ගොඩනගාගන්න රෙබෙකා කොච්චර මහන්සි වුනාද ? 

රංගනය ගැන ඉගෙන ගත්ත පමණින්, රගපාන්න හැකියාව තිබ්බ පමණින් එකපාර ක්ෂේත්‍රයේ ස්ථාවර තැනක් ගොඩනගාගැනීමේ හැකියාවක් අපි කාටවත් නැහැ⁣. ක්ෂේත්‍රයේ ස්ථාවර වෙන්න නම් කාලයක් තිස්සෙ කට්ට කාගෙන අල්ලගෙන ඉන්න ඕන. මට මතකයි මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙදි නිර්මාණවලින් මට කිසිම ගෙවීමක් කලේ නැහැ⁣. ඒ වුනත් නිර්මාණයකට සම්බන්ධවෙලා වැඩක් කරන්න ඕන නිසා සල්ලි ලැබෙන්නෙ නැති වුනත් වැඩ කලා. හැබැයි එහෙම අතට රුපියලක්වත් ලැබෙන්නෙ නැතුව මහන්සිවෙලා වැඩ කරපු නිසා මගේ හැකියවන් පෙන්නන්න ලැබුනා සහ ක්ෂේත්‍රයේ ඉන්න පුද්ගලයො අදුරගන්න පුලුවන් වුණා. රංගන ක්ෂේත්‍රය තුළ ස්ථාවර පුද්ගලයෙක් වෙන්න නම් අනිවාර්යෙන් කට්ට කාගෙන අල්ලගෙන ඉන්න පුරුදුවෙන්න ඕන. 

7. රංගනයෙන් මුදලක් ලැබෙන්නෙ නැති කාලෙදි මූල්‍යමය අතින් ආරක්ෂා වුනේ කොහොමද ? 

රංගනශිල්පිනියක් විදිහට වෘත්තිය ගමන පටන්ගත්ත මොහොතේ ඉදලා මගේ සැමියා ඇතුළු පවුලෙ අයගෙන් මට ආර්ථිකමය වශයෙන් ලොකු සහයෝගයක් ලැබුනා. එයාලා හැමෝම කිව්වෙ මගේ හැකියාවෙන් ඉදිරියට යන්න කියලා. මගේ ගමන වෙනුවෙන් අවශ්‍ය සියලුම මූල්‍ය වියදම එයාලා දරන්නම් කියලා මාව බලාගත්තා. මූල්‍ය වියදම් දැරුවට මගේ පවුල ප්‍රකෝටිපති පවුලක් නෙමෙයි. එයාලා මහන්සිවෙලා සල්ලි හොයලයි මං වෙනුවෙන් වියදම් කෙරුවෙ. මම හිතන්නෙ මගේ සැමියා ඇතුලු පවුලෙ අය නැත්තන් ගොඩක් දුරට අද මම නිලියක් නොවෙන්න ඉඩ තිබුනා. 

8. රෙබෙකා රගපාන ආන්දෝලනාත්මක චරිත සම්බන්ධයෙන් පවඅය මොනවද කියන්නෙ ? 

සැමියා ඇතුලු පවුලෙ අය දන්නවා මම වෘත්තීය රංගනශිල්පිනියක් කියලා සහ මම කරන චරිත මගේ පෞද්ගලික ජීවිතයට කිසිසේත්ම සම්බන්ධයක් නැහැ⁣ කියලා. ඉතින් රගපාන චරිත සම්බන්ධයෙන් මට කිසිම බලපෑමක් පවුලෙ අය කරන්නෙ නැහැ⁣.හැම මෙහොතකදිම මගේ පවුලෙ අය මට සහයෝගය දෙනවා. 

9. රගපාන්න සුදුසු සහ නුසුදුසු නිර්මාණ තෝරාගන්නෙ කොහොමද ? 

ලංකාවෙ නිර්මාණයකරණය තුල බාල නිර්මාණ සහ ගුණාත්මක නිර්මාණ කියලා කොටස් දෙකක් තියනවා. රංගනය විතරක් වෘත්තිය කරගෙන ඉන්න මම ඇතුලුව ක්ෂේත්‍රයේ ඉන්න අනෙත් නළුනිලියන්ට ලංකාවෙ මේ තියන ආර්ථික උද්දමනයත් එක්ක හැමදාම මාර හොද ගුණාත්මක නිර්මාණ වලට විතරක් සම්බන්ධවෙන්න පුලුවන් තත්වයක් නැහැ⁣.ඉතින් මට නිර්මාණයකින් ආරාදනාවක් ලැබුනහම මම ටිකක් කල්පනා කරලා බලනවා මේ වටපිටාව ඇතුලෙ මේ නිර්මාණය බාරගැනීම සුදුසුද නැද්ද කියලා.  ඒ දේවල් ගැන සැලකිලිමත්වෙලා මට නිර්මාණය තුළින් අත්වෙන ප්‍රගතියක් තියනවා නම් මම නිර්මාණය බාරගන්නවා. 

10. රෙබෙකාගේ රංගන හැකියාවෙන් සිනමාවෙ වැඩක් කරන්න අදහසක් නැද්ද ? 

පුංචිතිරයේ රංග පරාසයට වැඩිය පුළුල් රංග පරාසයකින් මට සිනමාවේ රගපාන්න පුළුවන් හැකියාවක් තියනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ප්‍රේක්ෂකයො මවිත කරන සිනමා රංගනයකට පහුගියකාලෙ මම සම්බන්ධ වුණා. ඉදිරියෙදි මගේ ඒ රංගනය රසිකයන්ට සිනමාව හරහා දකින්න පුළුවන්. 

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post