‘මල් බිඟුන්’ පවුලේ ලොකු දුව නිපුනි ගුණ­ව­ර්ධන

gossiplanka image 1
 


ස්වාධීන රූප­වා­හිනී නාළි­කාවේ විකා­ශය වන ‘මල් බිඟුන්’ ටෙලි නිර්මා­ණය මේ දින­වල මුළු රටේම ජන­තා­වගේ ආද­රය දිනා­ග­නි­මින් තිබෙයි. අස­ල්වැසි නිවාස දෙකක් අතර පව­තින අන්‍යෝන්‍ය සබ­ඳ­කම ආද­ර­ණී­යව සමා­ජ­ගත කෙරෙන නිර්මා­ණ­යක් ලෙස එය වත්මන් සමා­ජ­යම සංවේදී කිරී­මට සමත්වී ඇත. දුරේෂ් පවුලේ ලොකු දුව වන අශ්වි­නීගේ භූමි­කාව ඔස්සේ ප්‍රේක්ෂක හද­වත් ගැඹු­රින්ම ස්පර්ශ කරනු ලබන ඇය නිපුනි ගුණ­ව­ර්ධ­නය.


දිගු නිහැ­ඬි­යා­ව­කින් පසුව රංග­න­යට පිවි­සි නිපු­නිට අශ්විනී ගැන ඇත්තේ මෙවන් කිය­වී­මකි.


“මල් බිඟුන්හි අශ්විනී විදි­හට මං ප්‍රේක්ෂ­ක­යන් අත­රට එන්නේ දිගු කාලෙ­කට පස්සේ. අශ්වි­නිට හිතපු නැති තරම් ප්‍රති­චාර ලැබෙද්දී ගොඩක් සතු­ටුයි. ඇත්ත­ටම අශ්විනී කියන්නේ අභි­යෝ­ගා­ත්මක චරි­ත­යක්.“


අශ්විනී ගොඩ­න­ඟ­න්නට අධ්‍ය­ක්ෂ­ව­ර­යා­ගෙන් ලැබුණු සහ­යෝ­ගය නිපුනී බෙහෙ­වින් අගය කළාය.


“‘මල් බිඟුන්‘නාට්‍ය­යට මට ආරා­ධනා කරන්නේ අධ්‍යක්ෂ හසුන් සමීර. මට වඩා වය­සින් මුහු­කුරා ගිය චරි­ත­යක් කිව්ව නිසා මුලින්ම මට කැමැ­ත්තක් ඇති වුණේ නැහැ. “ඔයාට තමයි නිපුනි මේක කරන්න පුළු­වන්. ඔයාව තමයි මේකට හොඳ­ටම ගැළ­පෙන්නේ. අපි ට්‍රයි කරමු. මට විශ්වා­සයි ඔයාට මේක හොඳ­ටම කරන්න පුළු­වන්” කියලා මාව විශ්වාස කරලා මාව සම්බන්ධ කර­ගත්තේ හසුන් අයියා. මම ඒ චරි­තය අධ්‍ය­ය­නය කරලා හැකි උප­රිම දාය­ක­ත්ව­යක් ලබා­දුන්නා. මේ වෙද්දි ලැබෙන අසී­මිත ප්‍රති­චා­රත් එක්ක මම සාර්ථ­කයි කියලා හිතෙ­නවා. අශ්වි­නීගේ චරි­ත­යට මාව තෝරා­ගැ­නීම සම්බ­න්ධ­යෙන් හසුන් අයි­යාට ගොඩක් ස්තුති­වන්ත වෙනවා.”


පිට­ප­තට අනුව අශ්වි­නීගේ භූමි­කාව ගොඩ­නැ­ඟීමේ අර­මු­ණින් මල් බිඟුන් නව­ක­තාව කිය­වී­මෙන් තොරව තම රංගන දාය­ක­ත්වය ලබා­දී­මට නිපුනී උත්සුක වී තිබිණි.


“හසුන් අයි­යත් එක්ක මං මීට කලින් ‘ආලත්ති අම්මා‘ ටෙලි නිර්මා­ණයේ වැඩ කරලා තිබුණා. මං මේ වෙලාවේ මල් බිඟුන් නව­ක­තාව කිය­වන්න ගියේ නැහැ. ඒකට හේතුව පොතක් කිය­වද්දි අපේ හිතේ රූප මැවෙ­නවා. ඒක ටෙලි පිට­ප­තට බාධා­වක් වේවි කිය­ලයි මට හිතුණේ. රංග­න­යේදී අධ්‍ය­ක්ෂ­ව­ර­යාගේ හිතේ ඉන්න චරි­ත­යයි අප ගොඩ­නැ­ඟිය යුත්තේ කියන තැනයි මම ඉන්නේ. මෙතැ­නදි මට ඕන වුණේ තිර­පි­ට­පත් රචි­කා­වි­යගේ සහ අධ්‍ය­ක්ෂ­ව­ර­යාගේ හිතේ හිටිය අශ්වි­නීව ගොඩ­න­ඟන්න. අශ්විනී කියන්නේ පොතක ලිය­විලා ඉවර චරි­ත­යක් නිසා ඒකෙ අභි­යෝ­ග­යත් වැඩියි. ඔවුන්ගේ හිතේ හිටිය අශ්වි­නීව ගොඩ­න­ඟන්න මාත් ලොකු කැප­කි­රී­මක් කළා. මං සාර්ථ­කයි කියන එක රචි­කා­වි­ය­ගෙන්ම අහන්න ලැබීම මට ලොකු සතු­ටක්.”


අශ්විනී ලෙසින් දුරේෂ් පවුලේ වග­කීම් සියල්ල කරට ගන්නා නිපුනී එය තම සැබෑ දිවි­ය­ටද අත්දැ­කී­මක් කර­ගෙන තිබීම විශේ­ෂ­ත්ව­යකි.


“මං අපේ පවුලේ බාලයා. මට ඉන්නේ අයි­යලා දෙන්නයි අක්කලා දෙන්නයි. ඒ නිසා මට පවුලේ කිසිම වග­කී­මක් දැනිලා නැහැ. අක්කලා අයි­ය­ලාගේ භූමිකා කොත­රම් බර­යිද කියලා මට තේරුම් ගියේ මේ චරි­තය නිරූ­ප­ණය කරද්දී. පවු­ලක බාලයා ගන්න තීරණ, එයාලා කළ­යුතු නොකළ යුතු දේ, එයා­ලගේ අනා­ග­තය ගැන හිතන එක, මේ දේවල් එයා­ලගේ හිතට කොත­රම් වද­දෙ­නවා ඇද්ද? කියන එක මට තේරුණේ මේ චරි­තය නිරූ­ප­ණ­යත් එක්ක.”


අශ්වි­නීට ලැබෙන අසී­මිත ප්‍රති­චාර හමුවේ නිපු­නීද මේ දින­වල විස්මි­තව සිටි­න්නීය.


“ප්‍රේක්ෂක ප්‍රති­චාර අසී­මි­තයි. ඒ වගේම ක්ෂේත්‍රයේ ප්‍රවී­ණ­ය­න්ගෙන් ලැබෙන ප්‍රති­චාර හරිම සතු­ටු­දා­ය­කයි. “මේ වගේ අක්කා කෙනෙක් අපි­ටත් හිටියා නම් මං අද මෙතැන නෙවෙයි ඉන්නේ….“, “ඔයා හොඳ­ටම අක්කගේ චරි­තය කර­නවා….“ ඔයා වගේ අක්කා කෙනෙක් අපි­ටත් හිටියා නම්…“ වගේ ප්‍රේක්ෂක ප්‍රති­චාර ගොඩක් ලැබෙ­නවා. හැමෝ­ටම ගොඩක් ස්තුති­වන්ත වෙනවා. ඒ වගේම ආර්ය­ගෙයි මාගි­ගෙයි ආද­ර­යට විරුද්ධ වෙන නිසා ලොකූට අකැ­මැති පිරි­ස­කුත් ඇති. ඒක එක එක්කෙනා දකින විදිහ නිසා අපිට වර­දක් කියන්න බැහැ. ඒ මොහොතේ ඔවුන්ගේ අත්දැ­කීම්, ඔවුන් මුහු­ණ­දීලා තියෙන දේවල් එක්ක තමයි ඔවුන් හැසි­රෙන්නේ. ඒක­ටත් මං හරිම කැමැ­තියි. මං හරිම ආද­රෙන් ඕනෙම ප්‍රති­චා­ර­යක් භාර­ග­න්නවා. අක්කගේ චරි­ත­යට, ඒ සහෝ­දර ප්‍රේම­යට ප්‍රේක්ෂ­ක­යන් ගොඩක් කැමැ­තියි. කාර්ය­බ­හු­ල­ත්වය හෝ ආර්ථික ගැටලු හමුවේ අද කාලෙ ගොඩක් අයට මඟ­හැ­රෙන තැනක් මේක. අපිව ජීවත් කර­වන, ශක්ති­මත් කර­වන, අපිත් එක්ක ඉන්න වටි­නාම පිරිස අපේ පවුල කිය­ලයි මට හිතෙන්නේ. අශ්විනී කිය­න්නෙත් ලොකු වය­සක කෙනෙක් නෙවෙයි. අම්මා එයා­ලව දාල යද්දි මාගිට (සුදූ) අවු­රු­ද්දයි. ඒ නිසා අශ්වි­නීට මාගිව දැනෙන්නේ තම­න්ගෙම දරු­වෙක් වගේ. ඒ හැඟීම හරි බරයි. ඒ නිසා­මයි කොත­රම් හොඳ කෙනෙක් වුණත් දික්ක­සාද වෙලා ළම­යෙක් ඉන්න ආර්යට මාගිව දෙන්න ලෝබ. ඒ හැඟී­මත් එක්කයි එයා සුදූව ආරක්ෂා කරන්න උත්සාහ කරන්නේ. ඇත්ත­ටම මල් බිඟුන් පවුල දැන් අපිට අපේම පවුල බවට පත්වෙලා. අපි අතර තියෙන මේ සහ­යෝ­ගය නිසාම තමයි මේ චරි­තත් හොඳින් ගොඩ­නැ­ඟෙන්නේ.”


‘අන්සතු ඔබ’ මියු­සික් වීඩියෝ රංග­නය ඔස්සේ අසී­මිත ප්‍රේක්ෂක ආද­ර­යක් දිනා­ගත් නිපුනී වෙළෙඳ දැන්වීම් නිරූ­පි­කා­වක ලෙස ක්ෂේත්‍රයේ දිගු ගම­නක් පැමි­ණි­යාය. ඉන් පසුව නාඩ­ග­ම්කා­ර­යෝහි ගීතානි මිස් ලෙසින් පුංචි තිරයේ ස්ථාවර රංග­න­යක නියැ­ළුණු ඇය මේ වන­විට වේදි­කාව, පුංචි තිරය මෙන්ම සින­මාව ද ජය­ග­නි­මින් සිටි­න්නීය.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post